කඳුළු සලනට එපා පෙම්වත මමත් හොඳ හැටි දන්නවා
කිසි දිනක වෛර කර නැහැ මම, මාත් ආදරේ කරනවා
ඔබෙ දෙනෙත් මත මගේ සියුමැලි රුව තවම මම දකිනවා
අනේ තරහක් නෑ හිතේ මගෙ අසරණයි බැව් දන්නවා
සිර කරන්නට බැහැ හැඟුම් දිය ඇතැම් දවසක ගලනවා
පුරුදු කඳුළක් නෙත් අගින් මගේ හීන් සීරුවෙ වැටෙනවා
උහුලා ගන්නම් හැකි ලෙසක මම අපහසුම බව දන්නවා
පිදු සෙනෙහේ නමින් දිවුරමි දරාගෙන මම ඉන්නවා
දුක සඟවගෙන ඉන්න පෙම්වත ලෝකයේ නෙත් ඇත ඇරී
මගේ නාමෙන් චෝදනා නෙක ඒවි පණ ඔබ වෙත හැරී
නිමා කරලමු හැකි ලෙසක මේ භවය අපි කෙලෙසක හරී
මතු භවේදි වෙන් නොවී මම ඔබෙම වෙනවා දිවුරමි
ප්‍රමෝද් භාෂිත මලින්ද
දෙවන වසර
ශාස්ත්‍ර පීඨය
Leave a Comment