දැනුම

එක්සත් ජාතින්ගේ සංවිධානය හා එහි සැකැස්ම

Written by Colombo Beacon

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ බලවත් රටවල් විසින් නැවත ලෝක යුද්ධයක් ඇති නොවිම පිණිස ඔවුන්ගේ මුලිකත්වයෙන් 1945 දී පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ලෝකයේ පවතින බලවත්ම හා විශාලතම සංවිධාන ජාලය වේ. 2011 වර්ෂයේ සාමාජිකත්වය ගත් දකුණු සුඩානය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුළු සාමාජික රටවල් සංඛ්‍යාව 193 කි ශ්‍රි ලංකාව එහි සාමාජිකත්වය ලබා ගත්තේ 1955 දිය.

මිනිස් සමාජයට ඇතිවන ඇතිවිය හැකි ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය මුලිකත්වය ගෙන කටයුතු කරයි එක්සත් ජාතින්ගේ සංවිධානය හා බැදුණු එහි අනුබද්ධිත සංවිධාන රාශියකින්ද මේ සදහා සහායෝගය ලැබේ වරෙක මානව හිමිකම් සම්බන්ධයෙන්ද වරෙක මාරාන්තික රෝග මැඩ පැවැත්විම සම්බන්ධයෙන්ද එක්සත් ජාතින්ගේ සංවිධානය මුලිකත්වය ගෙන කටයුතු කර තිබේ  එක්සත් ජාතින්ගේ සංවිධානයේ ව්‍යුහය මුලික අංග හයකින් සමන්ව්ත වේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය රදා පවතින්නේද මෙම ආයතන හය මතය එනම් එක්සත් ජාතින්ගේ මහාමණ්ඩලය, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය, එක්සත් ජාතින්ගේ ආර්ථික හා සමාජිය මණ්ඩලය , භාරකාරත්ව මණ්ඩලය , ජාත්‍යාන්තර අධිකරණය හා එක්සත් ජාතින්ගේ මහා ලේකම් කාර්යාලය වේ

මහා මණ්ඩලය යනු එක්සත් ජාතින්ගේ සංවිධානයේ සියලුම සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ආයතනයකි මෙය ජාතින්ගේ පාර්ලිමේන්තුව ලෙසද හදුන්වයි මෙහිදි සාකච්චා කරන කරුණු හෝ යෝජනා පිළිබද එක් එක් රටවලට තම මතය ප්‍රකාශ කිරිම සදහා එක් ඡන්දය බැගින් හිමි වේ යම් යොජනාවක් ක්‍රියාවට නංවාලීම සදහා සරල බහුතරයක් ප්‍රමාණවත් වේ එනමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අය වැය ලේඛනය සම්මත කිරිමේදි, නව සාමාජිකයකු ඇතුළත් කර ගැනිමේදි හා ලෝක සාමය හා සුරක්ෂිත භාවයේ ප්‍රශ්නයකදි පමණක්  2/3 ඡන්ද බහුතරයක් අවශ්‍ය වේ එක්සත් ජාතින්ගේ සංවිධානයට කිසිම රටකට රජ්‍යකට තමන් ක්‍රියා කල යුතු ආකාරය ගැන බලපැම් කළ නොහැක නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ  තිරණ හෝ නිර්දේශ බලපැමකින් තොරව පිලිගැනිමට ලෝකයේ රටවල් කටයුතු කරයි එය එක්සත් ජාතින්ගේ සංවිධානය ලබා ගත් ජයග්‍රහණයකි.

මතු සම්බන්දයි

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment