ශ්‍රී ලංකාද්වීපය අතීතයේ ඉතාමත් සශ්‍රීකව පැවති බව සඳහන් වේ. එයට හේතුව අනෙකක් නොව රටෙහි ඇති සියලුම සම්පත් වලින් ප්‍රයෝජන ගත් නිසායි. ආයුර්වේදයේත් එය එසේම විය. සියලු ශාකයන්හි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන් සමත් විය.
ලන්දේ, වතු පිටිවල, වෙල් ලියැදි වල ආදී විවිධ ස්ථාන වල වැවෙන ඖෂධීය ශාකයන්ගේ වතගොත එක්කාසු කරනා Colombo Beacon ‘සුව ධරණි’ අපේ සුව යාත්‍රාවේ මීළඟ ශාකය වන්නේ වැට මායිම් දෙපස ඕනෑතරම් විසිරී දක්නට ලැබෙන එඬරු ශාකයයි.
එඬරු
උද්භිද නාමය : Ricinus communis
ඉංග්‍රීසි නාමය : Castor
වෙනත් නම් : එරණ්ඩ, එරඬු, තෙල් එඬරු, බෙහෙත් එඬරු
උස මීටර 3ක් පමණ උසට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික ශාකයකි. බෙහෙවින් අතු බෙදෙමින් පඳුරක් ආකාරයට වර්ධනය වේ. කඳෙහි මැද සිදුරක් සහිතය. ලපටි කඳෙහි පැහැය අළු පැහැ වේ.
දිගු නටුවක් සහිත විශාල ඒකාන්තර පත්‍ර ඇත. පළල් පත්‍රය පාක්ශිකව කොටස් වලට බෙදී ඇත. පුෂ්ප විශාලය. අතු අග කෙළවරෙහි පොකුරු ලෙස දක්නට ලැබේ. මල් ළා කහ පැහැති ය.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පාහේ දක්නට ලැබේ. විශේෂයෙන් කුරුණෑගල, මොණරාගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට ආදී ප්‍රදේශ වල බහුලව දැකගත හැක.
එඬරු ශාකයේ වර්ග දෙකකි. ඒවානම් සුදු එඬරු හා රතු එඬරු ලෙසය.
සමහර අවස්ථාවලදී එරඬු ලෙස හදුන්වන්නේ ද එඬරු ශාකයම වේ.
මුල්, කොළ, මල් හා ඇට ඖෂධ පිණිස යොදාගනී.
වාත රෝග, වාතරක්ත, ඉදිමුම්, ගුල්ම රෝග ආදියට ඖෂධයක් ලෙස භාවිතා කරයි. කැස්ස, ඇදුම, පාණ්ඩු රෝග, කරකැවිල්ල, ආහාර අරුචිය ආදීයට ගුණ ඇත.
කාන්තාවන්ගේ ගර්භාෂ හා ඔසප් රෝග, මුත්‍රා අඩස්සිය, අක්මා හා ප්ලීහා රෝග සඳහා ඖෂධ වලට යොදාගනී.
කාන්තාවන්ගේ මාස් ශුද්ධිය අපහසුවක් නොවී සිදුවීමට එඬරු කොළ තම්බා බඩෙහි එලීම සිදුකරයි.
එඬරු කොළ තම්බා පයෝදරවල එලීමෙන් මව්කිරි වැඩීම සිදු වේ.
හිසකෙස් වැඩීම සදහා එඬරු තෙල් යනු ප්‍රකට ඖෂධයකි. එමෙන්ම උෂ්ණාධික ඖෂධයකි.
මූලාශ්‍ර :
- ආයුර්වේද ඖෂධ සංග්රහය
- https://bit.ly/34PAHcs
Design By – Samith Kanshadha
Leave a Comment