“සෙල්ෆි වලට විතරක්ම
හිනාවෙන සබන් බෝල
ගෑනු කලිසන් වලටම
බැස්ස කොල්ලන්
කොලඹ හරි නගරං
ඒත් අපට පුරුදුයි නේ දැන්
වසන්තයක් ගැන ටියුෂන් පොතක
අපි ලියුව තරම්
සිව් වසරක්ම අපට තිබුනේ
හෙන පට්ට ග්‍රීස්මයක්
ඒක වර්ණ නැති කලු සුදු හීනයක්”
“ඒක කළු සුදු හීනයක්”. මේ මාර්ක් ගේ කාව්‍ය සංග්‍රහය යි.ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සිව්වන වසර උපාධි අපේක්ෂිත සිසුවෙකි.පසුගිය දා ඔහුගේ කුළුදුල් කාව්‍ය නිර්මාණය වන “ඒක කලු සුදු හීනයක්” දොරට වැඩීම එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, චින්තක ගීතදේව,ඉන්දික ගුණවර්ධන, ඩොමිනික් චන්ද්‍රසාලි වැනි කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.මාර්ක්ගේ “ඒක කළු සුදු හීනයක්” ගැන අපි ඔහු සමග මෙසේ කතා කලෙමු.
1.ඔබේ පුද්ගලික පසුබිම හා විෂය පසුබිම දැනගන්න කැමතියි.
මගේ නම් ටුශාන් වීරරත්න. කාර්ඩ් එක තමයි මාර්ක් කියන්නේ.මගේ ගම නුවර.අපේ ගෙදර අපේ අම්මයි, තාත්තයි,නංගි යි ඉන්නවා.මගේ විෂය කළමණාකරණය.ඒත් දිනක මම කළමණාකරුවෙකු වුණත් නැතත් හැමදාමත් මගේ ආත්ම ප්‍රකාශන මාධ්‍යය කවිය වෙයි කියලා මම හිතනවා.මොකද හැමදාම මම සතුටට පත් වෙන්නේ මගේ කවිය හරහා.
2.”ඒක කළු සුදු හීනයක්”ගැන කතා කරමු ද?
මේ මගේ පලවෙනි කාව්‍ය සංග්‍රහය.මේ රාමු ගතකල කවි පොතක් කියලා මට හිතෙන්නේ.මොකද මගේ කුළුදුල් කවි පොත නිසා කවිය හරහා මට කල හැක්කේ කුමක් ද කියන එක පර්යේෂණය කරන්න ,ඉගෙනගන්න මට පුලුවන් වුණා යම්තාක් දුරකට මේ හරහා.
3.කලු සුදු නිරුත්සාහික කවියකට අපේ රටේ තියෙන්නේ මොන වගේ ස්ථානයක් කියලද හිතන්නේ?
ඒක මෙහෙමයි.ලියන කවි සහ ලියවෙන කවි කියලා දෙකක් තියනවා.ලියවෙන කවියේ නැවුම් රසය ලියන කවියක නැහැ.මම කවි ලියන්නේ අපේ රටේ මිනිස්සු කවි කියවන්නේ නැහැ කියන පදනමක් උඩ.වාණිජකරණය වුනු සමාජයක මිනිස්සුන්ට වෙලාවක් නැහැ කවියක් කියවන්නවත්.මට හිතෙන්නේ අපේ රටේ කවි ලියන අයම තමයි අනිත් අයගේ කවි කියවන්නෙත්.(සිනාසෙයි)

4.ඔබේ කවි උල්පත ගමෙන් කැම්පස් එන තරුණයෙකුට දැනෙන කොළඹ තනිකම ද? කොළඹ නුහුරුකමද?
මට කොළඹ නුහුරුත් නැහැ.පොඩි කාලේ ඉදලා කවි ලියලා හුරුත් නැහැ.ඒත් පොඩි කාලේ ඉදලා කලාවට ආදරය කලා.ගොඩක් පොත් කියෙව්වා.මම කැම්පස් එන්නේ දුක් කම්කටළු මැද , සෑහෙන්න කියලා ජිවිතේ පරිචක පහු කරලා.මම කැම්පස් එන්නේ හීන ෆැන්ටසි ලෝකෙක ඉදලා.මගේ තරුණකම එක්ක කොළඹට නැත්නම් කැම්පස් එද්දී තමයි ඒ හීන වලින් මම නැගිට්ටේ.ජීවිතේ යථාර්තය අවබෝධ වෙන්න පටන් ගත්තේ.අන්න එතනදි තමයි මට කවි ලියවෙන්න ගත්තේ.
5.සමාජයේ කාලානුරූපී වාණිජමය වෙනස්වීම මත ඔබ බහුතර කවි ලියන්නේ තුන්වන පන්තියේ අන්තිම ලේයර් එක නියෝජනය කරන්න.ඒ ඇයි?
මගේ කවි ඇතුලට දේශපාලනය ගේන්න මට ඕන වුණා.පීඩනයට පත්වෙන නිර්ධන පන්තියේ අන්තිම ලේයර් එකට අවධානයක් ලබා දෙන්න ඕන.ලිබරල්වාදී ආර්ථික ක්‍රමයක් උඩ පීඩනයට පත් වෙන මිනිස්සු වෙනුවෙන් මගේ හිතේ කැකෑරුණු වේදනාව මම කවියකින් පිට කලා.මම නොවී ,අපි නොවී වෙනමම පාර්ශවකින් සමාජය දෙස බලන්න පුලුවන් කවියකට.
6.වර්ථමානයේ කවි සින්දු වලින් මිනිස් සන්තානයේ කාමුකත්වය උච්චතම අවස්ථාවකට ගෙනියනවා.පිලිගන්නව ද? ඔබේ කවියෙන් ඒ දිහා බලන්න කැමති කොහොමද?
ඔව්.පිලිගන්නවා.ඒත් කවිය තුලින් මානුශීයත්වය වර්ධනය විය යුතුයි.අපේ රටට දැන් ඇවිත් තියෙන්නේ ලිබරල් ආර්ට් (කලාවක්) එකක්.ඒ ඇතුලේ අපි ආදරය කරන අය, කාන්තාව,ලිංගිකත්වය මේ හැමදේම අලෙවි කරනවා.අලෙවි කරන්න සිදුවෙනවා.ඒත් කවිය තුලින් අපේ සදාචාරාත්මක පදනමක් මත ඒ හැමදේම දිහා මානවවාදීව බලන්න හුරු කරන්න ඕන.රත්වුණු මිනිස් හැගීම් තවත් රත් කරන්න නොවෙයි,කවි වලට මිනිස් හිත නිවන්න පුලුවන් වෙන්න ඕන.කාන්තාව දෙස ගෞරවයෙන් බලන්න හුරු කරන්න ඕන.මගේ පලවෙනි නිර්මාණය නිසා “ඒක කලු සුදු හීනයක්” තුල මම ඒ පැතිකඩ හරහා නම් ටිකක් අසාර්ථක ඇති.
7.ඔබට තියෙන්නේ වාණිජ දැනුමක්,ගමේ හිතක්,කලා හදවතක්.මේ තුන එකට ගැටෙන්නේ නැද්ද?
ඔව්, ඒ තුල ගැටුමක් තියනවා.වානිජකරණය වුණු සමාජෙක මිනිස්සු හැමදේම වගේ විකුණනවා.විකුණන්න හදනවා.විකිණෙනවා.ඒ එක්කම මම ඉගෙන ගන්න විෂය මට මිනිස්සුන්ට විකුණන්න උගන්වනවා.මම හැදුණු වැඩුණ සුචරිත ග්‍රාමීය පදනම උඩ මම අසරණ වෙනවා එතනදි.මගේ අව්‍යාජත්වය බිද වැටෙනවා.හිතට එකග නැති වෙනවා.හදවත රිදෙන්න ගන්නවා.එහෙම කාලයක් තිස්සේ රිදුනු හැගීම් එලියට ආ අවිය තමා කවිය.
8.කවිය ඔබේ ප්‍රකාශන මාධ්‍ය කරගත් ඔබ එය මිනිස්සු අතරට ගෙන ගිය ප්‍රබල මාධ්‍ය කරගත්තේ මුහුණු පොත.එය කවිය සමාජගත කල හැකි සාර්ථක මාධ්‍යක් ද?
අපේ සමහර මිනිස්සු මුහුණු පොත ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්න දන්නේ නැහැ තමයි. ඒත් සිගිරියේ කැටපත් පවුරේ හැඟීම් ලියපු අතීතයක් තියන අපිට මුහුණු පොතේ බිත්තියේ (wall) හැගීම් ලියන එක අලුත් ම අත්දැකීමක් නොවෙයි.තාක්ෂණික දියුණුව එක්ක මාධ්‍යයේ නම ,ක්‍රමය වෙනස් වෙලා විතර යි.ඒත් මේ දෙය නම් කියන්න ඕන.අපේ රටේ කවි වලට අධිපති දෙවියෝ හිටියා.ඒ දෙවියො අතර තරුණ කවියොන්ට තමන්ගේ කවිය සමාජගත කරන්න ලැබුණු හොද අවස්ථාවක් මුහුණු පොත.පත්තරේ දානවට වඩා ඉක්මනින් රසික ප්‍රතිචාර දැනගන්න,විචාරය කරන්න,මතවාද ගොඩ නගන්න මුහුණු පොත හරහා පහසුයි වගේම ඉක්මන්.
9.”ඒක කළු සුදු හීනයක්” මිලට ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන් ද?
දිවයින පුරා සරසවි පොත් හල් තුලින්.

10.අවසන් වශයෙන් මතක් කරන්න, ස්තූති කරන්න කෙනෙක් ඉන්නව ද?
“නික්ම යන්නට මත්තෙන්
ජිම් කැන්ටිමේ
දුක්බර කෝප්පයක
ප්ලේන්ටියක් තොල ගෑවෙමි.”
Colombo Beacon වෙනුවෙන් අපි ද ඔහුට සුබ පතමු!
Leave a Comment