Colombo Beacon

ඒ.ජී.එම්. වයිබ්ස්

ඒ.ජී.එම්. එකට ගියායින් පස්සේ තමා දැනගත්තේ මේ ලෝකේ එහෙම ඒ.ජී.එමුත් තියෙනවා කියලා.හැමෝම ගිහින් වැදගත් විදිහට ඉදගෙන ලස්සනට පහන පත්තු කරලා ජාතික ගීය කියලා පටන් ගෙන ටික වෙලාවකට පස්සේ පිස්සු හැදිලා වගේ කෑ ගහලා හිනා වෙලා හූ කියලා ඉවර වෙන ජාතීයේ ඒවා.ඒකත් නරකම නෑ. ම්ම්ම්ම් නරකම නෑ නෙවෙයී එහෙම ශෝක්…

ඉතින් ඇගයීමක් ලැබෙන්න සම්මානයක් ඕනම නෑ,

තමන්ට තියෙම වැඩේ විතරක් කරන්නේ නැතුව තමන් ආදරේ කරන දේවල් ලස්සනටම කරන්න ඕන නිසා සේරම දේවල් හොයල බලලා වැඩේ ඉවර වෙනකන් හැමෝටම උදව් කරන කෙනෙක් ගැන ඒ වැඩේ ඉවර වෙනකන් හැමෝම කතා කරන එකේ කිසිම පුදුමයක් මම දකින්නේ නෑ.

කොච්චර වැඩ තිබ්බත් ලස්සනට වැඩක් කරන්න කාගෙවත් හිත රිද්දන්නේ නැතිව ලොකු පිරිසක් ලස්සනට හසුරවන කෙනෙක්ට ඊටත් වඩා අත්දැකීම් තියෙන කෙනෙක් මේක නියම වැඩක් කියන එක තරම් ලොකු පැසසුමක් තවත් තියෙනවද?

ලොකු ලොකු වැඩ කරද්දිත් , තමන් පටන් ගත්ත තැන අමතක නොකර ඒ ගැන කතා කරන ,තමන්ට ලැබුන දේ තවත් අයට අරන් දෙන්න අපේ අයව පොඩි අයව හසුරවන ‘ඌ ඊයේ රෑත් නිදාගෙන නෑ මන් හිතන්නේ’ කියලා කියද්දිත් හිනා වෙලා බිම බලා ගන්න

‘ ඔව් ඔව් උබ ගැන තමා මම මේ කියන්නේ’ කියලා සභාපතිගේ කතාවෙන්ම විනාඩි පහක විතර දිග විස්තරයක් තමන් ගැන වර්ණනාවක් අහගන්න , අනෙක් අයට උදාහරණයක් වෙන්න පොඩ්ඩක් දියුණු උන කෙනෙක්ට හිතන්නවත් බෑ.

කාටවවත් කියන්නේ නැතිව දෙතුන් දෙනෙක් එක්ක ලොකුම වැඩක් කරලා හැමෝවම පුදුම කරවන්න .හැමෝම පුදුම උනාට පස්සේ අපි මේමයි මේක කරේ කියලා ඒ ගැන විස්තර කරන්න ලැබීමෙත් කොච්චර‍ සතුටක් ඇත්ද?

අපේ උන්ගෙන් වැඩක් කරගන්න කොච්චර අමාරු උනත් කොහොම හරි ඒ වැඩේ ලස්සනට කරගන්න , කාගෙන් හරි ‘අර වැඩේ මොකද ?’ කියලා ඇහුවම ‘අරූට කෝල් කරලා බලපන් ඌ තමා දන්නේ ‘ කියන තරමට ‘අරූ’ වගේ තමන් කරන වැඩේ ගැන හැම දෙයක්ම දන්න කෙනෙක් වෙන්න හැමෝටම බෑ.(කිරි බෝතල් හෝදන බ්‍රශ් එක වෙනුවට දත් බුරුසුවක් උස්සන් ආවට)

කවුරු කොහොම වැඩේ කරත් , කවදම හරි දවසක ඒ දේ මතක තියාගෙන ඒ කෙනාව අගයන්නත්, දිගටම ඔහොම කරමු කියලා දිරිගන්වන්නත් පුලුවන් නියමම ඇගයීමක අගය දන්න අයට විතරයි.

ලොකු කණ්ඩායමක් මෙහෙයවලා හැම වෙලේම ඕක ඔහොම නැතිව මෙහෙම කරමු කියලා වැරැද්දක් වෙන්න දෙන්නේ නැතිව හැම දේටම උදව් කරන , ඒ කණ්ඩායම ඇගයීම් ලබද්දී උදව් කරපු හැමෝම එකතු කරගෙන ඒ ඇගයීම ලබන්න, ලස්සනට හිනා වෙලා ඔයාලා මේක තියාගන්න කියන්න

ලස්සන නැටුමකුත් තිබ්බනම් හොදයි කිව්වම මහා ගොඩක් වැඩ අස්සෙත් ලස්සන නැටුමක් හදාගන්න
උදේ ප්‍රැක්ටිස් උන සින්දු හවසට ලස්සනට කියන
අද ප්‍රසන්ටේෂන් එක කරනවා නේද ඇහුවම ආ මමද කරන්නේ කියලා පැය දෙක තුනකට කලින් දැනගෙන, ඒත් ලස්සනට වැඩේ කරන
ලස්සනට හැමෝටම දැනෙන්න කතා කරන

කවුරු කෝම දින්නත් හයියෙන් අත්පුඩි ගහලා ‘එල බන් නියමයි ‘ කියන්න, සතුටු වෙන්න .

උඩ මම කියලා තියෙන දේවල් කරන්න හැමෝටම බැරි උනත් පුළුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා.ඔව් අපේ උන් එහෙමයි.ඉතින් මට නම් පේන්නේ ශොයියා අයියගේ ලෙඩේ හැමෝටම බෝ වෙලාද කොහෙද….
අර beacon එකේ වැඩක් කිව්වම කොහොම හරි ඒ දේ කරන්න ඕන ලෙඩේ…..

ඉතින් ඒජීඑම් එක ඉවර වෙද්දී මතක පොතට තව ලස්සන මතක ගොඩක් එකතු වෙලා ඉවරයි, අමුතු සුන්දර මිනිස්සු ගොඩක් අදුරගෙන ඉවරයි, හිත් වල කහටක් තිබ්බනම් ඒවත් නැති වෙලා ඉවරයි, අපිට කලින් beacon එක ගැන තියෙන අත්දැකීම් ගොඩක් අහගෙන ඉවරයී…

ඉතින් beacon පවුලේ ලස්සනම දවසට වචනෙකින් හරි උදව් කරපු අපේ හැමෝවම අපේ හැමෝම වෙනුවෙන් අගය කරන්න මේක මෙහෙම ලියලා මදි උනත් ලස්සන ස්තූතියක් කරන්න මේ ඇති කියලා හිතනවා. ඉතින් ෆාස් අයියා කියනවා වගේ අපි beacon එකට වැඩ කරනවා නෙවෙයි

We are the beacon
#Hail_beacon

Photo by Kaushan Fernando

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කල්පනී ආරියරත්න

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment

3 Comments

%d bloggers like this: