තිස්සේම හිතුනේම අහන්නයි
හැමදේම නොකළාට
කතා නුඹ මා එක්ක වැඩියෙන්
ඒ හින්දා හැමදාම
හඳ එක්ක දොඩමළුව
මම ඇහුවා බොහෝ දේ
රෑ වෙලා තනියෙන්
කපන්නට මගෙ පාළු
වටේටම ගොඩ ගැහුන
හඳ බොහොම දාට
මට කවි කිව්වා රහසින්
තරුත් ඉඳහිට දාක
හඳ ආවෙ නැති රෑක
මිමිණුවා කවි සිංදු
රෑ අඳුර අස්සෙන්
ඔරලෝසු කටු මගේ
මහ රෑට විතරමයි
එපා කීවත් නාහා
කැරකෙන්නෙ වේගෙන්
වෙලා මදි කියන්නට
නුඹ ගැනම හඳට මට
යන්න වෙන නිසා හෙට
ඉර නැගෙනු මත්තෙන්
හිතුවේම ඕන නෑ කියාමයි
අහන්නට මට අහන්නට
තියෙන බොහොම දේ නුඹගෙන්
වැඩි කතා නැත්තේ නුඹ
“ගොළු වෙලා දෝ වත්ද”
හඳ හිතුවෙ එහෙමමයි
මට දැනුන තරමින්
ගොළුවෙලා නොවෙයි නුඹ දන්නවා
මම ඒක ඒත් හඳ පිළිගන්න නෑ
සතුටු ඒ බැව් කොහොම නම් කියන්නද
නුඹ කතා කල වගක්
මට මතක අන්තිමට
ඒ හුඟක් ඉස්සරින් !!!
Leave a Comment