නිසදැස්

ඔබ නොදත් ඇය…

ඇය කවුද? ඔබත් මමත් දන්නවායි සිතන ඇයව ඇත්තෙන්ම ඔබ දන්නවාද? ඇයට දහසකුත් එකක් කතා කියන්නට පෙර ඔබ මොහොතක් හෝ දුටුවාද ඇගේ මුහුණේ ප්‍රීතියක්. උද්දාමයක්. නෑ. ඇගේ දෑස් මලානිකයි. එහි ඇත්තේ වෛරයක්. සමාජයේ දහසක් අසාධාරණකම් හමුවේ නිහඩව විද දරාගන්නා ඈව ඔබ සැබැවින්ම හදුනනවාද? ඇයට සාධාරණය, යුක්තිය ඉටු කරන්නට කොහිද ඉදිරිපත් වුණු නීතියක්. වීදි ගානේ සරන ඇයව ඔබ දුටුවේ පිළිකුල් සහගත ස්ත්‍රියක් ලෙසින් නොවේද? ඇයව මිහිපිට නිරයට ඇද දැමූවන් අද මහත්ම මහත්මීන්. ඇය පමණක් හංවඩු ගැසූ ස්ත්‍රියක්. ඈ ගැලවී සිටින්නට වෙර දරන්නේ ඔබේ අපවාදවලින් පමණක් නොව ඇගේ යටිසිතෙනුත්. උදේ දවල් දෝංකාර දෙනවා ඇති ඇගේ වේදනාත්මක මතකයන්. අතීතයේ බිදී වල දැමූ හීන පාරනවා ඇති ඇගේ හිත. ස්වාමියෙක් නැති ඈ ඒ මතකයටත් වෛර කරනවා ඇති. අනෙකුන් දෙස බලා හූල්ලනවා ඇති. ඔබේ අපවාදවලට ඇහුම්කන් දෙන්නට ඈ ඔබට වරදකාරියක වූයේ කෙසේද? ඇයත් මවක්. ඇයට විතරක් අමුතු ලේබලයක් ගහන්න ඇය අන් අයගෙන් වෙනස්ද? ඔව්, වෙනස් ඇති. ඇය විදි අප්‍රසන්න අත්දැකීම්වලින් පමණක්. සිය පුතු අසන අමාරුම ප්‍රශ්නයේදි ඇයට පැවසීමට ඇත්තේ වරද නිර්දෝශී ඇය පමණක් බාර ගත් බව නොවේද?

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හසිනි හර්ෂණී

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment