ආදරය

ඔයාටත් වැලන්ටයින්ද?

“පළමුව සිනාසෙයි…

  දෙවනුව ලියුම්දෙයි…

  තෙවනුව තෑගී බෝග අරන් යයි…

  ඉන්පසු ප්‍රේම ගඟේ පීනාලා සතුටින්…

  ප්‍රේම කරයි දෙන්නට දෙන්නා….”

 විටෙක සතුටක්, විටෙක කියාගන්න බැරි තනිකමක්, තවත් විටෙක දරා ගන්න බැරි තරමේ විරහවක්, අසීමාන්තික වෛරයක් බවට පත්වීමට හැකියාවක් තියෙන ප්‍රේමය කියන්නේ බොහොම පරිස්සමින් පාවිච්චි කළ යුතු සුන්දර හැඟීම් සමුදායක එකතුවක්. ඉතින් ප්‍රේමයට උරුම වෙච්චි ඔය කියන සුන්දරත්වය නිසාම ප්‍රේමයට තියෙන ඉල්ලුම බොහොමත්ම ඉහළයි. ලස්සන රතු රෝස මල ප්‍රේමයේ ප්‍රධානම සංකේතයක්. ඊට අමතරව ඇත්ත හදවතේ හැඩයට සමාන නොවුනත් ප්‍රේමාන්විත හදවතත් ප්‍රේමයේ ලස්සන සංකේතයක්. ඒ වගේම රෝම දේව සාහිත්‍යයේ එන රූප සම්පත්තියට අධිපති දෙවඟන වන වීනස් දෙව්දුවගේ පුත්‍රයා වන ක්‍යුපිඩ් එහෙම නැත්නම් අපි කවුරුත් දන්න දුනු ඊතල අතින් ගත්තු මල්සරා. මල්සර හීයක් වැදුනු කෙනෙකු ප්‍රේමයෙන් මුසපත් වී යන බව බොහෝම ප්‍රසිද්ධ කතාවක්.

 

     එකී මෙකී නොකී ප්‍රේමයට සම්බන්ධ හැම අස්සක් මුල්ලක් ම එළියට එන විශේෂිත දවසක් තමයි පෙබරවාරී 14 වෙනිදා කියන්නේ. වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දිනය අපරදිග සංස්කෘතියෙන් අපි උරුම කරගත්තු තවත් එක උත්සවයක්. වර්තමානය වන විට මහා පරිමාණයෙන් වැලන්ටයින් දිනය සමරන්න අපි වගේම ලෝකෙ අනිත් රටවලුත් පටන් අරන්. ඇත්තටම මොකද්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ? ඇත්තටම එය පෙම්වතුන්ට වෙන් වුණු දිනයක්ද?

 

     වැලන්ටයින් දිනය පිළිබඳ අතීතය 3වන සියවසේ දෙවන ක්ලෝඩියස් අධිරජ්‍යය සමය දක්වා දිව යනවා. එම අදිරජ්‍යයා විසින් සිය සොල්දාදුවන් හට විවාහ වීම තහනම් කෙරූ අතර එයට හේතුව විවාහ වූ සොල්දාදුවන්ට වඩා විවාහ නොවුනු තනිකඩ සොල්දාදුවන් සටනේදි ක්‍රියාශීලි වීම යි. මෙයින් තරුණ ආදරයෙන් බැදුනු සොල්දාදුවන් මහත් අසරණ තත්වයකට පත් විය. ඔවුන්ගේ ගැළවුම් කරුවා වන්නේ පූජකයෙකු වුනු ශු. වැලන්ටිනස් තුමායි. එතුමා අධිරජ්‍යයාගේ නියෝගය නොතකා යමින් තරුණ සොල්දාදුවන් හොර රහසේ විවාහ කර දීමට පටන් ගත් අතර වැඩි කල් නොගොස් ම එතුමාගේ ක්‍රියාවන් හෙළිවී සිරගත වීමට එතුමාට සිදු විය.

 

     සිරගත වීමෙන් පසු මරණ දඬුවමට යටත් වෙන මෙතුමාගේ අවසාන කාලයේදී විශේෂිත වූ සිදුවීමක් විය. සිරගෙදර සිටි ජේලර් වරයා මෙතුමාගේ නිහතමානී ගුණය සහ උගත් කම ගැන පැහැදී උපතින්ම දෑස් අන්ධ ඔහුගේ දියණිය වූ ජූලියා මෙතුමා හමුවට පැමිණවීය. දක්ෂ ශිෂ්‍යාවක වූ ජූලියා වැලන්ටයින් තූමාගේ ඉගැන්වීම් තුළින් ලෝකය දකින්නට උත්සහ ගත්තා. වැලන්ට්යින් පූජක තුමාගේ මරණයට පෙර සන්ධ්‍යාවේ ජූලියා හට ලිපියකින් සමුදෙන මෙතුමා අවසානයෙ ” ඔබගේ වැලන්ටයින් ගෙන් ” යයි සඳහන් කරන ලදි. එය වර්තමාන්යේ අප භාවිතා කරන ” From your Valentine ” යන්නයි.

 

     මෙසේ ක්‍රිස්තියානී පෙම්වතුන් වෙනුවෙන් සිය ප්‍රාණය පරිත්‍යාග කළ මෙතුමාගේ මංගල දිනය ලෙස පෙබරවාරී 14 වන දින නම් කිරිමට 5වන සියවසේදී ගෙලාසියස් පාප්තුමා සමත්විය. නමුත් 12 වන සියවස පමණ වන තෙක් වැලන්ටයින් දිනයට ප්‍රේමන්විත අර්තකතනයක් එක් වෙන්නේ නැහැ. නමුත් 12 වන සියවසෙන් පසු ප්‍රේමාන්විත අර්තකතනයක් ලබාගැනීමට වැලන්ට්යින් දිනය සමත් වෙනවා.ජෙ‍ෆ්‍රී චෝසර් නම් වූ කවියා විසින් රචිත Parlement of Foules නම් කවිය, වැලන්ටයින් දිනය ප්‍රේමාන්විතව සමරන්න ආරධනා කරනවා. එමෙන්ම කුරුල්ලන් එකතු වීමේ කාලය ආරම්භ වන්නේද පෙබරවාරී 14 වෙනි දින බවට තිබූ මතයත් වැලන්ට්යින් දිනයත් සමඟ ආදරය සම්බන්ධ වීමට හේතුවක් වෙනවා.

 

     පළමු වැලන්ටයින් සුබ පැතුම ලෙස ලන්ඩන් හිර කුළුනෙහි සිරගත කර සිටි ඕර්ලන්ස් හී ආදිපාදවරයා වූ චාර්ල්ස් විසින් ඔහුගේ ප්‍රිය බිරිඳට යෑවූ සුබ පැතුම සලකනු ලබයි. එයින් ලැබූ ආහාශයෙන් වැලන්ටයින් සුබ පැතිම් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වෙනවා. සුබ පැතුම් පතකින් ආරම්භ වූ වැලන්ට්යින් සුබ පැතුම් වලට කාලයේ අවෑමෙන් රතු රෝස මල් චොකලට් හදවත් හැඩයට සැකසූ සැමරුම් ඵලක ආදී මෙකී නොකී බොහෝ දෑ එකතු වෙනවා.

 

     1840 පමණ වන විට මහා පරිමාණයෙන් ආරම්භ වන වැලන්ට්යින් සුබපැතුම්පත් මුද්‍රනය කිරීමත් සමඟ අනගි ව්‍යපාරික භාණ්ඩයක් බවට වැලන්ටයින් දිනය පත් වෙනවා. වැලන්ටයින් දිනයට හුවමාරු වන සුබපැතුම් සංඛ්‍යාව දෙවැනි වන්නේ නත්තල් දිනයට ලොව පුරා හුවමාරුවන සුබ පැතුම් පත් ප්‍රමානයට පමණයි. මිලියන 35කට අධික චොකලට් හා රසකැවිලි ඇමරිකානු ඩොලර් බිලියන 4 කට අධික ආභරණ එදිනට හුවමාරු වෙන බව සඳහන්. එමෙන් ම බිලියන 6කට අධික විවාහ යෝජනා වීම් සිදුවන බවද සමීක්ෂණ මඟින් පෙන්වා දී තිබෙනවා.

 

     එවන් වූ අතීතයක් හිමි ආදරවන්තයන්ගේ දිනය අද වන විට හුදු වෙලඳ භාණ්ඩයක් පමණක් බවට පත්වී වෙළෙන්දන්ගේ සාක්කු පුරවන අයිතමයක් බවට පත් වී අවසන්. ඉතින් ආදරයේ හැඟීම් එක්ක ජීවත් වෙන අපේ තරුණ පරම්පරාවට ආදරවන්තයන්ගේ දිනයේ සැබෑ අරුත පෙන්වාදී තමන්ගේ ආදරය වෙළෙන්දන්ගේ සාක්කු පුරවන වෙලඳ භාණ්ඩයක් කර නොගන්නට මඟ පෙන්වීමයි Colombo Beacon හී අපේ අරමුණ.

” ප්‍රේමය ලොව හැම තැනම ඇතී

   හැමදෙනටම හමු වෙලා ඇතී

   එනමුදු ප්‍රේමය කිමැයි කියා

   හඳුනාගත් කිසි කෙනෙකු නැති “

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිලංක පීරිස්

විද්‍යා පීඨය - අවසන්ව සර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment