නිසදැස්

ඔවුන් එහි නැත

වහින වැහි වළාවේ
එපා අයදින්න​
යළි යළිත්
තුටු සුසුම්…

ඇයත් මෙහි ඇත​
ඔහුත් මෙහි ඇත​
ඔවුන් මෙහි නැත​

මහ පොළොවම
හඬවමින්
එපා අයදින්න​
පෙර දසුන්…

බෙදා සැනසුන​
ප්‍රේම ලොව තුළ
ළසෝ තැවුලෙන්
ඇයව තනිකර​
බලා සිටින්නේ…
තවමත් ඈ දෙස​

ඇයත් මෙහි ඇත​
ඔහුත් මෙහි ඇත​
ඔවුන් එහි නැත​

ඇගේ සුසුමන්
දකින රිසියෙන්
අසල තැවෙමින්
නොහඬනනා
ඔහු හදින් ගලනා…
සෝබර සුසුම්

ඇයත් මෙහි ඇත​
ඔහුත් මෙහි ඇත​
ඔවුන් මෙහි ඇත​

යන්න සිතුනද
නොඑනා ලෙසින්…
ඇගේ තනියට​
කිසිවෙකු
නොවන බව දැන​…
ඔහු හිඳියි තවමත්
සදා නොදකින​
ඈ ළඟින්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලුක්ෂි කෞශල්‍යා

නීති පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment