නිසදැස්

ඔහු කවුද?

පළන්දා මාල හත
අත ගත්ත පිච්චමල
නිබන්දා මුව කමල
සිනා කැන්දා මැඳුර
නිරින්දා සවි ඇතිව
උණුහුමට ආව සද
පෙති තැළී ඇති මලෙක
රොන් බීපී රසබරම
හීසැරය ඉඳුරාම
කම්පිතයි ළය මඬල
නොසඟවා ළඳුනි මට
කියාපන් ඔහු කවුද?

යසුරි හසාරා
පළමු වසර
ශාස්ත්‍ර පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යසුරි හසාරා

Leave a Comment