සඳවත නුඹට,
සුවඳ දෙන්නට බැරිව ලතැවෙන
කඩුපුල් මලකි මා
මිරිඟු දිය මත පාවෙන…
සඳකැන් දහරින්
නිශා යම සිරිය විඳ
රුදුරු වන මැද කටු අකුල් ඇති බව ද දැක,
සැලෙන සිතිවිලි සිරගත කළෙමි…
මෝහයෙන් පිරි ගල් කුළක් යට…
සසර බැමි සිඳලන්න
ඉසිඹුලිය නොහැක නුඹ මෙන්…
සමවැදී අමා දැහැනට
මිලින වන්නට අවසර
හුදෙකලා පුදසුනක් මත…
Leave a Comment