අතු අග හිනැහෙන කඳුළු මලක්
හිරු වත මිලිනව හඬා වැටුණු හැන්දෑ යාමේ
දුටුවෙමි අතු අග හිනැහෙන කඳුළු මලක්
අකලට විකසිත පෙති විදහාගෙන
සිනහ රැඳුණු වත මඬල දරාගෙන
රොන් සුනු සුවඳින් ගත සරසාගෙන
බලා හිඳී නෙතු පියන් වසාගෙන
මල් පෙති පොඩි කර රොන් උදුරාගෙන
බඹර සෙනඟ ඉගිලෙති නද දීගෙන
පිනි කඳුළක් පෙති අග තවරාගෙන
බලා හිඳී ඈ අතු අග හිඳගෙන
Leave a Comment