කඩාවැටෙන බිඳු දෑසග රූරා
කතාකරන’මුදු ඇතැමුන් සඟවා
හැකිද සිටින්නට එලෙසට සැමදා
කඳුළ නුඹය එහි වගතුග දන්නා
මුණ ගැහෙමින් මන බඳිනා තැන්වල
හිමිකම දෙනෙතට පමණක් හිමිකර
කඩා හැලෙනා නොහැකිම තැන්වල
පලවා හැර සිත් අහසේ ගණ’ඳුර
පොදිබැඳ අතීත සිතුවම් සිහිකර
මැදියම් මහ රෑ ඔහේ ගලායන
කඳුළැලි සයුරෙහි කිමිදුම්කරු මම
නොනැවති ඉපිලෙන රළ සර වේ නුඹ
Leave a Comment