‘සුව ධරණී’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භූමියේ සාරය ගැන ලියැවෙන ‘සුව ධරණී’ ලිපි පෙල ඔස්සේ අප ආරම්භයේ පටන්ම හෙළයේ ඖෂධීය ශාකයන්ගේ ගුණයන් පිළිබඳව විස්තර ගෙන ඒමට සමත් වූයෙමු.
මෙවර ‘සුව ධරණී’ සුව කලාපයෙහි කතා නායකයා වනුයේ කපු කිනිස්ස ශාකයයි.
කපු කිනිස්ස
උද්භිද නාමය : Abelmoschus moschatus
ඉංග්‍රීසි නාමය : Musk mallow
වෙනත් නම් : ලතා කස්තුරි, කස්තුරිකා
තරමක් දුර්ලභ ශාකයක් වන කපු කිනිස්ස ශාකය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල දක්නට ලැබේ. ඝර්ම කලාපය නිජබිම කොටගත් පැළෑටියකි.
බොහෝ නිවර්තන ප්‍රදේශවල කපු කිනිස්ස ශාකය වගා වශයෙන් හෝ වනගත ශාකයක් ලෙස දක්නට ලැබේ. මෙම ශාකය වගා කෙරෙන රටවල් අතර ඉරානය, අරාබිය මුල් තැන දක්නට ලැබේ.
කපු කිනිස්ස පෙනුමෙන් බණ්ඩක්කා ගසක් වැනිය. මෙය අඩි 5-6 පමණ උසකට වැඩෙන වාර්ෂික ශාකයකි. අතු බෙදේ. කඳ හා පත්‍ර බූව රාශියකින් වැසී ඇත.
කපු කිනිස්ස සූරිය කුලයට අයත් ශාකයකි. මෙහි බීජ කස්තුරි වෙනුවට භාවිතා කරන හෙයින් ” ලතා කස්තුරි ” යන නමින් ද හඳුන්වයි.
කපු කිනිස්ස වල ඇති කස්තුරි සුවඳට සමාන සුවඳ නිසා ඒවා බෙහෙත් තෙල් සුවඳ ගැන්වීමට යොදාගනී.
කපු කිනිස්ස සිසිල් ගුණැතිය. වා සෙම් සමනය කරවයි. එනිසා සෙම් රෝග සඳහා ගුණැති වේ. බඩගිනි වඩවයි. මුව පිරිසිදු කරයි.
ආහාර අරුචිය නැසීමේ ගුණ කපු කිනිස්ස සතුව පවතී. අජීර්ණ සඳහා සුවය ලබාදේ.
මුඛ රෝග සදඳහා ගුණැතිය. මුත්‍රාබාධ වලට ප්‍රතිකාර කිරීමේ දී ආයුර්වේදයේ යොදාගනී.
කබර, කුෂ්ඨ රෝගාදිය සුවපත් කිරීමේ ඖෂධීය ගුණයෙන් අනූනය.
විවිධාකාර විෂ ශරීරගත වූ විට ප්‍රතිකාරයක් සේ දෙනු ලබන ” විෂ කපාල ගුලිය ” සහ ” විෂ නීල තෛලය” සෑදීමට කපු කිනිස්ස ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස යොදා ගනී.
සර්ප දශ්ඨනයේ දී, පිස්සු බල්ලන් සපාකෑමේ දී, මුගටියන් හා සිවලුන් සපා කෑ විටත් කෙරෙනු ලබන ප්‍රතිකාර වලදී ඖෂධයක් සේ යොදාගනී.
මූලාශ්‍ර :
- ඖෂධීය ශාක සංග්‍රහය
- https://bit.ly/32r1J8N
Design By – Samith Kanshadha
Leave a Comment