ලොව පුරා වෙසෙන කම්කරුවන්ගෙන් ලෝක ආර්ථිකයට මෙන්ම සමාජයට වන සේවය ඉමහත්ය…නමුත් මුළු මහත් ලෝකයම කම්කරු අයිතීන් පිළිබඳව අවධානය යොමු කරන දිනය ලෙස ජාත්‍යන්තර කම්කරු දිනය හැඳින්විය හැක…මැයි මස පළමු වනදා එය සමරනු ලබයි…
ජාත්‍යන්තර කම්කරු දිනය වර්ෂ 1886 දක්වා ඈතට දිවයයි…එවකට පැවති වැඩවසම් සමාජ ක්‍රමය තුළ ඉඩම් හිමි රදළයෝ යටතේ වැඩ කටයුතු කිරීමට සේවකයින්ට සිදුවිය….ඔවුන්ගේ නීති රීති මෙන්ම , අකටයුතුකම් ඉවසා සිටීම ක්‍රම්ක්‍රමයෙන් හීන වූ වැඩවසම් යුගයේ ජනතාව ක්‍රමක්‍රමයෙන් සංවිධානය වී තම විරෝදය ඉදිරිපත්කරන්නට විය
1886 මැයි මස පළමු වනදා චිකාගෝ නුවර බොහෝ කර්මාන්තශාලවල පාහේ වැඩ කටයුතු නවතා දමා සේවකයින් බොහෝමයක් හේමාකට් චතුරස්‍රය අසලට රැස්වී සුළු වැඩ වර්ජනයක නිරත විය..එහි ප්‍රධාන අරමුණ වූයේ පැය දහසයක වැඩ මුරය පැය අටක වැඩමුරයක් බවට පත්කර ගැනීමයි..වැඩ වර්ජනය දින කිහිපයක් පුරා අඛණ්ඩව පැවති අතරම දිනෙන් දින එයට එකතුවන පිරිස වැඩි වූව මිස කිසිවෙකු වර්ජනය අතහැර පලා නොගියහ…
කෙසේ හෝ රදළ ප්‍රධානීහු වැඩ වර්ජනයේ තෙවනි දින පොලීසිය කම්කරුවන් වෙත යැවූ අතර එහිදී වූ ගැටුම් වලින් කම්කරුවන් හය දෙනෙකු සමස්ත කම්කරු ප්‍රජාව වෙනුවෙන් තම ජීවිතය පූජා කළහ…….පසුව පොලීසිය විසින් එල්ලකළ බෝම්බ ප්‍රහාරයක් හමුවේ පොලිස් නිලධාරීන් හයක් ජීවිතක්ෂයට පත්වූ අතර මියගිය කම්කරුවන්ගේ සංඛ්‍යාව අදටත් නොදනී….
අරගලය වෙනුවෙන් දිවි පුදකල කම්කරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ හේමාකට් චතුරස්‍රය මතින්නැගුණු කම්කරු විප්ලවය අවසානයේ කම්කරු නායකයින් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන සිරගතකල අතර ඉන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරගතවීමට සිදුවිය.ඇතැම්හු එල්ලා මරා දැමීමට නියම විය
තුන්වන පන්තියේ ජනයාගෙන් පමණක් ගරු බුහුමන් ලද විප්ලවය , එහි දෙවන සැමරුම සමරණ වර්ශ 1889 දී පැරීසියේ පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුව මගින් සෑම වසරකම මැයි මස පළමු වැනිදා හේමාකට් විරුවන් සැමරීමට තීරණය කරන ලදී…….ජාත්‍යන්තර කම්කරු දිනය පළමුවරට සමරන ලද්දේ වර්ෂ 1890 දීය…
ශ්‍රී ලංකාව තුල කම්කරු දිනයේ ඉතිහාසය පිළිබඳව සඳන් කිරීමෙදී එය 1900 දක්වා දිවයයි..ඒ අනුව මෙරට ප්‍රථම කම්කරු දිනය සමරනු ලබන්නේ වර්ෂ 1927 දීය…ඒ එවකට කම්කරු නායකයෙක්ව සිටි ඊ.ඒ.ගුණසිංහ මහතාගේ නායකත්වයෙනි..වර්ෂ 1956 දි පැවති කම්කරු දිනයෙන් පසු මැයි පළමු වැනිදා නිවාඩු දිනයක් බවට පත් කරන ලදී…..ඒ එවකට කම්කරු ඇමතිව කටයුතු කල ටී.බී.ඉලංගරත්න මැතිතුමාගේ මගපෙන්වීමෙනි..
සුවහසක් කම්කරුවන්ගේ රුධිරයෙන් හා මළ සිරුරු මති ගොඩනැගි කම්කරු අයිතීන් උදෙසා කළ සටනින් ලැබූ පන්නරය අදටත් කම්කරු සටන් වල කොඳු නාරටිය ලෙස සැලකිය හැකිය…
විවිධ කාල වකවානුවලදී බලයට පැමිණෙන රජයන් හා දේශපාලන පක්ෂ කම්කරුවන් වෙනුවෙන් විශේෂ මැතිවරණ පොරොන්දු පවා ලබා දෙන්නේ ඔවුන්ගෙන් සමාජ ආර්ථිකයට වන සුවිශේශී මෙහෙවර හේතුවෙනි…
අතීතයේ සියලු වාමාංශික පක්ෂ එකට එකිවී විශාල මැයි රැලියක් පැවැත්වුවද සමසමාජ පක්ෂය ට්‍රොස්කිවාදය වැළඳගැනීමත් සමඟම වාමාංශික පක්ෂ අතර මත ගැටුම් ඇතිවී වාමාංශික ව්‍යාපාරය ක්‍රමයෙන් පරිහානියට පත්විය .. අවසානයේ මැයි රැළි විශාල සංඛ්‍යාවක් පැවති අතර කාලයාගේ ඇවෑමෙන් මැයි රැළිය දේශපාලනීකරණයකට ලක්වී ඇත..
අවසාන වශයෙන් මැයි දිනය යනු එදා හේමාකට් චතුරස්‍රයේ දි දිවි පුද දුන් කම්කරු විරුවන් විසින් ආරම්භකරන ලද අයිතිවාසිකම් වෙනුවෙන් සමස්ත ලෝකයේම අවධානය යොමුවන දිනයකි…..
Leave a Comment