තිලෝගුරු අප බුදු පියාණන් වැඩිය මේ සිරිලංකා දීපය
මුණිඳු නිර්මල පද කමල යුග සැනසු මේ සිරි ලංකා දීපය
පරම පිවිතුරු අමා දම් කඳ රැකුණ මේ සිරි ලංකා දීපය
බුදු සමිඳු දම් පහන් සිලයෙන් එළිය වුනු සිරි ලංකා දීපය
සියලු බොදු දන දහම් සුවඳින් කුසල් රැස් කර ගනිති නිරතර
අදයි තෙමඟුල මුණි පියාණන් සියලු බොදු දන නිතින් සමරන
මෙත් මලින් සිත් පුබුදුවාලන අසිරි වෙසඟයි ලොවේ සුපතළ
පතමි ආශිර්වාද හිමියනි සසර සරනා මනුසතා හට
අසා සදහම් ගුණ නිරන්තර නුවණ බොදු දන එළිය වේවා
පෙනෙන නුවනට මෝහ සැපතෙහි මං මුලාවන් නම් නොවේවා
තිදොර සංවර කරන් හැමවිට සීලයේ ගුණ නිති ලැබේවා
එළඹෙනා මේ අසිරි වෙසඟේ අමා දම් රස සිත් පිරේවා
කෙළෙස් මළ මනුසතාගේ සිත් තුළින් බොඳ වී දුරු වි යන්නට
මෙත් කරුණා මුදිතාදි ගුණයෙන් ලෝ සතා නිති සුවඳ වන්නට
මිනිස්කම සහයෝගෙ නිරතරු සිත් සතන් තුළ ඉතිරි යන්නට
කරමි ඇරයුම් උතුම් වෙසඟේ බුදු පියාණනි නැවත වඩිනට
Leave a Comment