තවම මතකයී නුබේ හඬ මට... ලතාවට කී කවියෙ මිහිරට.... ලඟින් යන විට හිස නමා මට... පෑවා මදහස අහිංසක ලෙස.... සාක්කුව ඇද ගත්ත සියයක... කොලේ තැබුවම නුබේ අත උඩ.... බලා ඉද්දිම කඳුලු පිරුනා නුබෙ නෙතු අග.... මගේ සිතටත් පුංචි පැනයක් ඉතිරි කරමින.... මම නුබේ වියෙ සිටියෙ පාසලේ අකුරු කරමින්..... එත් නුබ මහ මගේ ලැග ගෙන ඉන්නෙ රුපියල් එකතු කරමින්... සිතම සසලව මම ගියා දුර මගේ අතීතය ගැනම සිතමින්.... ඇයිද නැගනිය නුබට මේ ලෙස උරුම වුනෙ අද යන්න සිඟමන්.... මව පියා නුබෙ ඉන්නේ කොයි ලොව.... වරද කොතැනද සෙවිය යුතු වෙද.... යන්න හැකි නම් වෙතට සිප් හල... නුබත් නැගනිය දිනයී මතු ලෝකය..
Leave a Comment