දැනුම

කලාඳුරු

Colombo Beacon ‘සුව ධරණි’ සුව චාරිකාවේ අද නවාතැන කොහි වේ ද..?

ඒ අන් කිසිදු තැනක් නොව ඔබේ ගෙවත්තෙහියි…
මිදුලට බැස බලන්න…
කලාඳුරු පැලයක් නොමැති මිදුලක් දකින්නට තිබේ දැයි කියා…

කලාඳුරු

උද්භිද නාමය :- Cyperus rotundus
ඉංග්‍රීසි නාමය :- Nut grass
වෙනත් නම් :- වම්මුතු, කෝරෙයි

Cyperaceae කුලයට අයත් සෙන්ටි මීටර් 15 ක් 30 ක් අතර උසට වැඩෙන 3 පැළෑටි විශේෂයකි. නැමෙනසුළු පටු දිගටි පත්‍ර ඇත. කඳ, පස මතුපිටට ආසන්නව භූගතව පවතී. කුඩා මල් සහිත ය. මුල්වල ආහාර තැන්පත්ව අල සාදයි. අලය අනුව කලාඳුරු වර්ග තුනකි. සියලුම වර්ග ඖෂධ පිණිස යොදා ගනී.

ශ්‍රී ලංකාවේ ද ඉන්දියාවේද දෙනිබිම් වල සරුවට වැවේ. කෙලින් වැඩෙන වසර කීපයක් ජීවත්වන ශාකයකි. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කලාපයේ වගා කරන භූමිවල සුලභව දක්නට ලැබෙන ඖෂධයකි.

ඖෂධ සඳහා අල සහ පත්‍ර භාවිතයට ගනී. හිස රුදාව, චර්ම රෝග වලට ගුණදායකය. විශේෂයෙන්ම ඇදුම, කැස්ස රෝගවලට හිතකරය. සෙම් රෝග වලට ද කලාඳුරු අල ඖෂධයක් ලෙස යොදා ගනී.

ආමාශ-අන්ත්‍ර ක්‍රියා වැඩිදියුණු කරයි. වමන, අතීසාර වලට ගුණදායකය. දහඩිය ඇති කරයි. පණු රෝග වලට ඉතා සුවදායකය.

එමෙන්ම තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා ද කලාදුරු අල භාවිතා කරයි. බඩගින්න වැඩ වීමට ද කලාදුරු අල ඖෂධයක් ලෙස භාවිතා කරයි.

කාන්තාවන්ගේ රූපලාවණ්‍ය ගැටලු සඳහා ද කලාදුරු ප්‍රයෝජනවත් වෙයි. හිසකෙස් වැඩීමට ද කලාදුරු ඖෂධයක් ලෙස යොදා ගනී. තවද බොහෝ කාන්තාවන්ගේ රූපලාවණ්‍ය ගැටලුවක් වන කුරුලෑ සදහා ද කලාදුරු ඖෂධයකි. කලාදුරු අල ඇල්දියෙන් අඹරා නළලට පැලැස්තරයක් දැමීමෙන් කුරුලෑ සුව කර ගත හැක.

වර්තමානයේ දී ඖෂධ පැළෑටි ද වල් පැළෑටි ලෙස සලකා රසායනික ක්‍රම යොදා විනාශ කරන බැවින් කලාදුරු පැලෑටිය ද වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති ඖෂධයකි.

මූලාශ්‍ර :- ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණ සහ තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතියේ ප්‍රකාශනයක් ඇසුරිනි.

Post Design by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment