Colombo Beacon නිසදැස්

කවිය නුඹ..

අසනි වැසි ඇද හැලෙන
ඉර බහින ගොම්මනක
ළබැඳි හිත ලුහු බඳින
මන්දාර හීනයක…

නුඹ නමින් මත් වීම
පෙරුම් පිරු සිහිනයක්
අවාරේ හිරි පොදට
නුඹෙ පහස ස්වර්ගයක්…

දන්නවද කවියෙක්ට
වැස්ස හරි උමතුවක්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තමුදි හේවගේ

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment