ඇස්වහ කටවහ යනු ඇත අතීතයේ සිට වර්තමානය දක්වා සමාජය තුල නිතර හමුවන විස්වාසයකි. මගේ අරමුණ විද්‍යානුකුලව ආර්ථ දක්ව්ම නොව භෞතික විද්‍යාවේ එන ගැන පැවසීම වේ . මෙහි ආරම්භය ක්වන්ටම් භෞතික විද්‍යාව (quantum physics) තුල පර්යේෂණයකින් ආරම්භ වුවත් දැන් දැන් එය සමාජයට දීමට තරම් හැකියාවක් ඇති මට්ටමට පැමිණ ඇත.
ඇල්බට් අයන්ස්ටයින් භෞතික විද්‍යාඥයාට අනුව සිද්ධියක් සිදුවෙමට අප එය නිරීක්ෂණය කිරීමන් බලපෑමක් සිදු නොවේ. ඔහු මෙය පැවසුයේ ” අපි හද දිහා බලන්නේ නැති විට හද අහසේ පායා ඇතිද? ” යන ප්‍රශ්නය ඇසීමෙනි. නමුත් quantum physics යනු තවමත් හරිහැටි අවබෝධ කරනොගත්නොගත් අවුල් ජාලයක් යැයි පැවසීම සාවද්‍ය නොවේ. මෙහිදී නිරීක්ෂණය නිසා ක්වොන්ටම් ලෝකයේ විවිධ වෙනස්වීම් සිදුවෙයි. මෙම සිදුවීම් සම්බන්ධ පරීක්ෂණ දැන් සලකා බලමු.
ඉලක්ට්‍රොන විවතිනය සම්බන්ධව Thomas Young ගේ ද්විත්ව සිදුරු පරික්ෂනයේ (double – slit experiment ) නවීන තත්වය සලකා බලමු. සාමාන්‍ය පරීක්ෂණයේදී ඉලක්ට්‍රොන විදිනයේ (electron gun) නික්මෙන e– තරංග සිදුරු දෙකන් විවතිනය (diffraction) වී තිරයේ නිරෝධන රටාවක් (interference pattern) ඇති කරයි.නමුත් (a) රුපයේ පේනවා ඇති පරිදි e– ගමන් කරනවා දැයි නිරීක්ෂණය සදහා සංවේදකයක් (detector) සිදුරු වලට ඉදිරියන තැබූ විට තිරයේ දකින්නට ලැබෙනුයේ නිරෝධන රටාවක් නොව තිතකි. එනම් නිරීක්ෂණය හේතුවෙන් e– තරංග ලෙස නොව අංශු ලෙස ක්‍රියාකර කර ඇත.

ඉන්පසු මීට වසර දෙකකට පමණ පෙර මෙම පරීක්ෂණයේ තවත් වෙනසක් සිදුවිණි (b) රුපයේ පරිදි අනාවරක සිදුරු හා තිරය අතර ඉලක්ට්‍රොන විදිනයක් ක්‍රියත්මක කල සැනින් භාවිත කිරීමයි. එවිටද කිසිවෙක් නොසිතු පරිදි තිරයේ දක්නට ලැබුනේ තිතකි. මෙය තවමත් මහා ප්‍රහේලිකාවකි…… එක් විග්‍රහ කිරීමක් වන්නේ තරංග ලෙස නික්මුණු ඉලක්ට්‍රොන සිදුරු තුලින් විවර්තනය වී පසුව නිරීක්ෂණය නිසා නික්මුණු මොහොත දක්වා කාලයන් අතීතයට ගොස් එය තරංගයකින් අංශුවකට හැරුණු බවයි .මෙය සිදුවිය හැකිද????

මෙම ආචරණය quantum zero effect ලෙස භෞතික විද්‍යාවෙදී හදුන්වනු ලබයි. මෙයට මුලධර්මය සැපයුයේ Erwin Scrodinger විද්‍යාඥයාගේ සුප්‍රසිද්ධ සමීකරණයෙනි .මෙම සිද්ධිය සරල භාෂාවෙන් කියන්නේ නම් ඔබට ක්වොන්ටම් ලෝකයේ වස්තුවක දිග මැනීමට අවශ්‍ය යැයි සිතන්න ,ඔබට කවදාවත් සත්‍ය දිග (එසේ සත්‍ය දිගක් පවතී නම් ) කෙදිනවත් මැනිය නොහැක. මක්නිසාදයත් ඔබ දිග මැනීමට පටන් ගන්න විට වස්තුවේ දිග වෙනස් වන බැවිනි.
මෙසේ අමුතුම සිද්ධින් වලින් සමන්විත quantum physics වර්තමානය වනවිට සමාජයේ මනුෂ්‍ය චර්යාවන්ටද යොදා ගැනීමට සැරසෙයි. quantum යන වචනය ඇසු පමණින් ඔබට සිතනුයේ පරමාණු, ඉලක්ට්‍රොන ගැන මුත් දැන් එය සමාජයේ නීති බවට පත්වෙමින් ඇති අවස්ථා ඇත. මෑතකදී සිදුකල පරික්ෂනයකදී මේ බව ප්‍රශ්න කෙරුණි Alexander Fleming Biomedical Research Center හි සිදුකෙරුණු පරීක්ෂණයකින් හෙලිවුයේ මිනිසා සුවද අග්‍රහණය කරන විට සිදුවන සෛල උත්තේජනය quantum vibrations නිසා සිදුවන බවයි.. නමුත් මෙම කරුණ දෙපිරිසක් අතරේ විවාදයකට ලක්වී ඇති නමුත් මෙය උදාහරණයට ගනිමින් සමාජය තුල මිනිසා තීරණ ගැනීම හැසිරෙන ආකාරය quantum physics මගින් පැහැදිලි කල හැකි බව මතයක් දැනටමත් ඉදිරිපත් වී ඇත..ඒ ගැන Quantum Society ආදී ග්‍රන්ථ ද ලියවී ඇත. සමහර විට අනාගතයේදී සමාජය තුල තිබෙන ” ඇස්වහ කටවහ ” විශ්වාසද quantum physics මගින් පැහැදිලි කිරීමට ද ඉඩකඩ ඇත……..
Leave a Comment