දැනුම

ක්ෂිතිජය තෙක් ඉගිල්ලෙන්න

සීතල සුළඟක් ඇඟේ ගැටුනේ හිරිගඩු පුප්පවලා… ඇත්තටම ඉන්දියන් සාගරය නම්, අපේ මුතු ධරණියට එකතු කරන්නෙ මහ පුදුමාකාර සුන්දරත්වයක්.

සතියක විරාමයක් ඉවර වෙලා ඔන්න රූ ධාරා අපි අදත් මේ ලෑස්තිවෙලා ඉන්නෙ, ඔයාලව ලස්සනම ලස්සන තැනකට එක්කන් යන්න.

මේ රූ ධාරා සයවන පරිච්ඡේදය…

ඉතින් යාළුවනේ ඔයාලට මතකනම්, අපි ගිය සතියෙ ගියේ තල්පෙ beach එකට, අදත් යන්නෙ බීච් එකක් බලන්නම තමයි… හැබැයි තටාක තියෙන එකකට නම් නෙවෙයි… හරි අරුම පුදුම අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න පුළුවන් සුන්දර වෙරළ තීරයකට.

වැඩිවෙලා ගන්නෙ නැතුව යමු නේද… එහෙනම්.තල්පෙන් ටිකක් ගාල්ල පැත්තට එනකොට, එහෙමත් නැත්නම් ගාල්ල පහුකරගෙන මාතර පැත්තට එනකොට හමුවෙනවා, දළවැල්ල ප්‍රදේශය. මෙන්න මෙහේ තමයි මේ වෙරළ තීරය පිහිටල තියෙන්නේ… නමින් කිව්වොත් ‘විජයගිරි බීච්’.

අඩි තුනක් විතර පටු පාරක්, දෙපැත්තම තාප්පවලින් වටවෙලා, මෙන්න මේ පුංචි පාරෙන් තමයි බීච් එක ඇතුළට ආවේ… හරියට නිකන් අමුතුම ලෝකෙකට ගියා වගේ තමයි දැනෙන්නේ…

මුලින්ම අලුත් යාළුවෙක් එක්ක පීනනවද…? එහෙමත් නැත්නම් Palm rope swinging කරනවද…? නැත්නම් වෙරළ දිගේ දිගටම ඇවිදිනවද…? දෙලොවක් අතර තනිවුනා වගේ හැඟීමක් දැනෙන්නේ… 

එන්න අපි රැල්ල සැර වැඩිවෙන්න කලින් අලුත් යාළුවව හමු වෙලා එමු. 

කවුද මේ අලුත් යාළුවා…

ඇත්තටම එයාට නම් කිසි ප්‍රශ්නයක් නැතුව ගොඩබිමයි, මුහුදෙයි දෙකේම ඉන්න පුළුවන්. ඒත් අපිට නම් එයාව බලන්න කිමිදෙන්න වෙනවා… කිමිදෙන්නම ඕනත් නැහැ, සාමාන්‍ය විදියට අපිට වරුවක්, දෙකක් නැත්නම් දවසක් උනත් එයාලත් එක්ක ගතකරන්න පුළුවන්, ඒ තමයි කැස්බෑවන්… මුහුදෙ ඉන්න අහින්සකම සත්ත්වයා කිව්වොත් හරියටම හරි. හරිම අමුතුම අත්දැකීමක් තමයි අපිට ලැබෙන්නේ දවසක් එයාලා එක්ක ගතකරාම… Sea turtles විතරක් නෙවෙයි තව ගොඩක් ලස්සන පුංචි පුංචි සත්තු, විවිධ වර්ගයේ මාළු, ජෛව විවිධත්වයෙන් අනූන පරිසරයක සුන්දරත්වය විඳගන්න පුළුවන්… Snorkeling කරන්න කියාපු තැනක් කිව්වොත් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි Surfing කරන්න ආස කෙනෙකුටත් ඔන්න ඒ ආශාව ඉෂ්ඨ කරගන්න පුළුවන් තැනක් තමයි විජයගිරි බීච් එක.

Palm Rope swinging පැත්තට පොඩ්ඩක් ගිහින් බලමුද එහෙනම්.

මුහුදට නැවුනු උසම පොල්ගහක, අතුවලට ටිකක් පහළින්  තදට ගැටගහපු කඹය අවසන් වෙන්නෙ  වෙරළෙන් අඩි දෙකක් විතර උසකදි. පහළම කෙළවරේ හරහට දාපු පොල්ලක් නැත්නම් ටයර් එකක් තමයි තියෙන්නේ… ඉතින් මේක පදින කෙනෙකුට නම් ලැබෙන්නෙ පුදුමාකාර සතුටක්, වෙරළෙ ඉදන් මුහුද දිහාවට රුකුල් අරන් පැද්දෙන කොට දැනෙන්නෙ හරියට ක්ෂිතිජය දිහාවට පාවෙලා යනවා වගේ හැඟීමක්.

ඉතින් අපි Rope swinging කරානේ, එහෙනම් යමු වෙරළ දිගේ ටිකක් ඇවිදින්න. වෙරළ තීරයේ තැනින් තැන තියෙන ගල් පර්වත, වෙරළට එක්කරන්නෙ පුදුම ලස්සනක්… හවස් වරුවට ඉර බහින දිහා බලන් ඉන්න හොඳම තැනක් එහෙමත් නැත්නම් අපේම භාෂාවෙන් කියනවනම්, “මාරම පොට් එකක්”,  සෙල්ෆි ගන්න අයට කියාපු තැනක් තමයි දළවැල්ල බීච් එකේ කළුගල

සොබාදහමේ අපූර්වත්වය ඇත්තටම මිනිස්සුන්ට කොයිතරම් ආශිර්වාදයක් ලබා දීලා තියෙනවද කියල කල්පනා වුනේ තැඹිලි ගෙඩියක රස බලනකොට… ඒවගේම මේ වගේ සුන්දර ස්ථානයක් රැකගන්නට අපි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන කියලත් ඔබට ආදරයෙන් මතක් කරන ගමන්ම අපි ඉවත දාන දේවල් සත්තුන්ට කොයිතරම් අහිතකර ද කියල ඔබට අමුතුවෙන් මතක් කරන්න උවමනා නැහැ නේ…

ඉතින් යාළුවනේ… අදත් නොදැනිම අපි අපේ ගමනාන්තයට ළං වෙලා… තවත් මේ වගේම සුන්දරත්වයෙන් පිරිපුන් තැනකදි ඔයාලව හමුවෙන්න බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා… 

මේ මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන Colombo Beacon අපේ රූ ධාරා…

Image source :

Design by – Nisal Vimukthi

Photo Edit By – Chathura Bandara 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මුනි නවෝදා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment