නිසදැස්

‘කාලය’ තමයි ඕනෑ අප්පච්චි නුඹෙන්

ඉර පායලත් නෑ යනකොට ඔබ උදයේ
මම ඇහැරිලත් නෑ ඒ හිමිදිරි උදයේ
මාත් නිදිලු එනකොට නුඹ අඳුරු රැයේ
ඉඩ නෑ එකට ඉන්නට අප එකම පැයේ

සතියේ දින අප්පච්චිට බෑ කොහොමත්
ඉරිදට ගෙදර හිටියට ඉන් නෑ වැඩකුත්
දවසම හිරවෙලා ටියුෂන් ගොඩක මාත්
නෑනේ වචනයක් කියන්න මට ඉඩකුත්

ඇහුවොත් මේ පාර පඩි අරගෙන ඇව්දින්
ඕනෑ මොනවාද දූ කියලාම මගෙන්
ඉල්ලනවා හැබැයි දෙන්නට වේවි අරන්
‘කාලය’ තමයි ඕනෑ අප්පච්චි නුඹෙන්

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment