නිසදැස්

කාලය

කාලය ඔබ මට මුණගැස්සුවා මෙන්ම
ඔබ මගෙන් වෙන් කොටද ඇත…
කාලය මට එය ලබාදුන්නා මෙන්ම
එය මගෙන් උදුරා ගෙනද ඇත…
කාලය මට සතුට මෙන්ම වේදනාවද ගෙනවිත් ඇත…
ඒ අතරතුර, කාලය වේගයෙන් ගෙවී ගොස්ද ඇත…
එකී කාලය තුළ, කාලය විසින්ම මා
බොහෝ දුරක් රැගෙන ගොස් ඇත…
ඒ ගෙන ගිය අවකාශය කාලය විසින්
බොහෝ පාඩම්ද මට උගන්වා ඇත…
එබැවින්ම ඒ සා විශාල වූ කාලයට
මා විසින් පෙම් බඳිනු ඇත…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂානි එදිරිසිංහ

නීති පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment