නතර වී අප
බලා සිටියත්
කිසිදාක
නවතාලන්න බැරි,
කළත් නොකළත්
කිසි වැඩක් අප
එනතුරා
රඳවා ගන්න බැරි,
නොගත්තොත්
යම් හොඳ වැඩක් මතු
දිනක කාලය
ලබන්නත් බැරි,
කිසිදු දවසක
ගතවු මොහොතක්
වෙත යළිත්
ආපසු යන්න බැරි,
අපට නොදැනිම
ටිකෙන් ටික වුව
නොනැවතී එය
ගලා යනු ඇති,
සිදු වු සැමදෙය
එක් ක්ෂණයකින්
අතීතය වෙත
එක් කරනු ඇති,
තත්පරය පැය
ලෙසට වැඩිවී
බලන් කාලය
ගලා යන හැටි,
අරුමයක් නොව
ස්වාභාවය එය
නොනැවතී ගමනක
යෙදෙන හැටි…
Leave a Comment