නිහඬ රැයක
යහනෙ කොනක
කුස අතගා ඉකිබිඳලන
අසල නිදන පොඩි දෝනිට
නොඇසෙන්නට සුසුම් හෙළන
සගවාගෙන මෙතුවක් කල්
ගැහෙන හදක් නුඹෙ ගැබ තුළ
පෙරුම් පිරුවෙ ගිනිලන්නද
මුළු නුවරම හෙණ ගෙඩි මැද
බිහි කළ දා වනසන්නට
නුඹෙ කුස ඔත් ළපටි කැකුළ
වරම් ලැබුණෙ
දිරිය ලැබුණෙ
කොයින්දැ හද යකු බෙර මැද
අග්නි – අසිනි දෙවිවරුවත්
නුහුලන ඒ අවනඩුවම
සිහි වී හද කම්පාවෙයි
ලියවෙයි පද
කදුළැලි මැද
Design by – Hasini Perera
Leave a Comment