නිසදැස්

කුණු ගඳයිනේ අම්මා ගාව…

තොල් දෙක උදේම පාට කරගෙන
ලකේට ඇඳ පැළඳ ගත්තම
උඹ හිතුවෙ හොඳ තැනක රස්සාව
වත්තෙ උන්නම් හිතුවෙම හරහට
සත්තයි පුතේ,
බඹරු හෙව්වෙ නෑ මං බෝ ගහ යට
හංගන් ඉන්නෙ කෝමද හැමදාම
හුස්මත් හිරවුණා ඊයේ රෑ කීවාම
“කුණු ගඳයිනේ අම්මා ගාව”

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවන්ති සුදසිංහ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment