ඇතෙක් වගේ උහුලාගෙන
ආදරයක බර
ගඟක් වෙලා මහ මුහුදට
පාර කියාදෙන
ලොවක් තරම් තාත්තෙකුගෙ
හෙවනැල්ලක් යට
හුඟක් හිනාවෙන දෑසක්
නුඹව දකින හැඩ……..
ඇසක් වගේ පරිස්සමට
හදා වඩාගෙන
ගසක් තැනූ මල් උයනට
එබිකම් කළ නුඹ
හිතක් බරට සිනා ගෙනෙන
හොඳ ම වෙලාවක
මලක් නෙලා විසිකරන්න
අවසර දෙනවද?
විලක් වෙලා දස දහසක්
නෙළුම් නෙලා දෙන
සඳක් වගේ හිස පිරිමැද
වෙහෙස නිවාලන
ගලක් නොවී මල් පෙති මත
සුළං පොදක් වෙන
හිතක් තමයි තියෙන්නෝනෙ
කුමාරයෙක් ළඟ!
Leave a Comment