Colombo Beacon ආදරය නිසදැස්

කුළුදුල් පෙම්වතිය…

ඇගේ වත මගේ ළය මත තබා සනසන්නට මට සිතේ
දෙකොපුල් එතරම් පියකරුය
ඇගේ දෙනයන මා සමඟ සොඳුරු දොඩමලුවකි
රෝස තිරුවාණා පැහැති ඇගේ සියුම් දෙකම්මුල් 
මා සිතින් සෙමින් පිරිමදිමි
ස්පර්ශ නොවන සේ මා තවත් ඇයට සමීප වුණි…
අද අප අතර ප්‍රේමයක් නැතිමුත්, 
ඔබ ජීවිතයේ සොඳුරුතම පරිච්ඡේදයකි…
ප්‍රේමයේ පුනරුප්පත්තික මනෝභාවයන් 
අතිශය ප්‍රේමණීය අවාරෙක හමු වූ 
ප්‍රේමණීය හමුවීමේ මතක පිටු පිරිමදිමින් 
පතමි සොඳුරිය ඔබට, 
ළයාන්විත ප්‍රේමාණුමෝදනා…
ප්‍රේමිය ඔබට හ්‍රදයාංගම සුභ පැතුම්…

නිපුන් සංජන
දෙවන වසර
තාක්ෂණ පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිපුන් සංජන

Leave a Comment