රොබරෝසියා මාවතේ, ඔය නෙතු අද්දර මා නැවතුනේ
මායාවක් ද නොදනිමි, නුඹ සුරඟනක්ව පැමිණි
කෙල්ලේ මුදවපන් මා…
කෙහෙරැලි සිප ගන්නම් හමනා සුළඟට පෙම් කරන්නම්
මායාවක් ද නොදනිමි, නුඹ සුරඟනක්ව පැමිණි
නොඉඳුල් තොල් පෙති තවරා සනසවපන්…
සියොළඟ දැවටෙන්නම් මැවෙනා නොඉඳුල් හද
රැඳෙන්නම්
මායාවක් ද නොදනිමි, නුඹ සුරඟනක්ව පැමිණි
උණුහුම් ළැම මත සතපා සනසවපන්…
චාමිකර මලින්ද
පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
Leave a Comment