සුව ධරණී සුව චාරිකාව ඔස්සේ හෙළ ඔසු පිළිබඳ දැනුම සොයා යන Colombo Beacon පාඨක සමාජයේ ඔබ සියලු දෙනාට අද ගෙන හැර දක්වන්නේ දිව්‍යමය ඖෂධයක්. එසේ හඳුන්වන්නේ එම ශාකයේ ඇති ගුණ අති මහත් නිසාය. අපි බලමු කුමක්ද මේ ශාකය කියලා.
කොටදිඹුලා
ඉංග්‍රීසි නාමය :- Hairy fig
උද්භිද නාමය :- Ficus hispida
වෙනත් නාමයන් :- කාතොදුම්බරික, මලයු, මුලකර්කටී, එල්ශූ
මොරාසේ (Moraceae) කුලයට අයත් අඩි 12 – 15 පමණ අතු විහදා වැඩෙන කොටදිඹුලා ශාකය ලංකාව, ඉන්දියාව, චීනය, මලයාසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වල දී දැකගත හැක. දීප්තිමත් කොළ පැහැයෙන් යුතු දාර සහිත විශාල පත්‍ර කොටදිඹුලා ශාකයේ දක්නට ලැබේ. කොටදිඹුලා ශාකයේ විශේෂත්වයන් කිහිපයක් දක්නට ඇත. ඉන් එක් විශේෂත්වයක් වන්නේ පහළ සීමාවේ ඇති කොටස්වල සහ අතු මුල් කොටසේ ගෙඩි හට ගැනීම ය. අනිත් විශේෂත්වය කොටදිඹුලා මල් වලය.
ඒක ලිංගික, පූමාංගී, ජායාංගී යනුවෙන් මල් තුන් කට්ටුවක් මෙම ශාකයේ හට ගනී. ඉදුණු කොටදිඹුලා ගෙඩි කහ පැහැයෙන් යුක්තය. ජලාශ්‍රිත ශාකයක් වන මෙය ඇළ දොළ ගංගා ආශ්‍රිතව බොහෝ විට දක්නට ලැබේ.
ඖෂධීය ගුණ
කොටදිඹුලා ශාකයේ පොතු කොළ මල් ගෙඩි සහ කිරි යනාදී සියල්ලම ඖෂධ සඳහා භාවිතා කරන බැවින් සහ සර්ප විෂ සමනයට උපකාරී වන බැවින්, කොටදිඹුලා ශාකය දිව්‍යමය ඖෂධයක් ලෙස සලකන්නට තවත් හේතු අනවශ්‍යය.
දද, තුවාල, වන, ගෙඩි ආදියට ප්‍රතිකාර කිරීමට කොටදිඹුලා බහුලව යොදා ගනී. උණ, සෙංගමාලය, රත්පිත, ඉදිමුම්, අර්ශස් වැනි රෝග සඳහා ද කොටදිඹුලා ශාකය යොදා ගනී. කැඩුම් බිඳුම් වෙදකමේ ද නැතුවම බැරි ඖෂධයක් ලෙස කොටදිඹුල සැලකිය හැකි ය.
මව් කිරි වඩන ගුණයෙන් යුක්ත නිසා කිරි දෙන මව්වරුන් කොටදිඹුලා ගෙඩි අනුභව කරයි. සර්ප විෂ සමනයට යොදා ගන්නා බැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේ දී විෂකුම්භ සහ විෂ නාශක මුදලි යන රහස් ඖෂධ නාමයන්ගෙන් කොටදිඹුලා ශාකය හඳුන්වා තිබුණි. දමිළ භාෂාවේදී මෙම ශාකය හඳුන්වන්නේ පෙයාට්ටි සහ කට්ටාටි යන නම් වලිනි .
තවත් වටිනා හෙළ ඔසුවක් සමඟ අපි නැවත හමු වෙමු.
Leave a Comment