ආගමික ඉතිහාසය දැනුම

කොප්පර පූජාව… 

Written by Dunith Desitha

කන්ද උඩරට ඇසල පෙරහැර මහා මංගල්‍ය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මෙවරත් කොප්පරා පූජා කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් දළදා මාලිගාවේ දී ජූලි 29 දින පෙරවරුවේ එය සංකේතාත්මකව පිළිගන්වන ලදී. දළදා මාළිගාවේ පෙරහැර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ කොප්පරා ටොන් පහළොවකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඒ අනුව ලබා දෙන ලදී.

කන්ද උඩරට දළදා පෙරහැර කියන්නේම විවිධ සංකේතවලින් පිරුණු සංස්කෘතික කලා මංගල්‍යයකි. ඉතිං මේ දළදා පෙරහැරෙහි කොප්පර පුජාවෙන් කියවෙන්නේ වැස්ස හෙවත් වර්ශාව සංකේතවත් කිරීමයි. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කළ යුතු බව පැරැන්නෝ සිතූහ. වර්ශාව පවතින විට පරිසරයේ ඇති ස්වාභාවයෙන් වන විදුලි කෙටීම්, ගෙරවුම් ශබ්ද යනාදිය වලාකුළු ශබ්දයෙන් රූපයෙන් අනුකරණය කර ඇති අතර දිය කැපීමේ මංගල්‍යය වැසි ලැබෙන ලෙස අරමුණු කරගෙන සිදු කරයි.

ඉතිං මේ දළදා පෙරහැර දින දහයක් පුරාවට පැවැත්වෙන අතර දළදා පෙරහැරේ වීථි ආලෝකමත් කිරීමේ පහන් සඳහා යොදා ගැනෙන්නේ කොප්පරය. දළදා පෙරහැර ආලෝකමත් කිරීමට පමණක් නොව කොප්පර යොදා ගන්නේ බුදුරජාණන් වහන්සේට සිදු කරන ආලෝක පූජාවක් ලෙසින් . මෙම කොප්පර ආලෝක පූජාව හෙළ සිරිතට අනුව අතීතයේ සිට ඇසළ පෙරහැර මංගල්‍යයේ දී පවත්වා ගෙන එනු ලබයි

 කොප්පර පූජාව සිදු කරන කොප්පර යනු මොනවාද?

 කොප්පර කියන්නේ වියලුණු පොල් මාංශය හෙවත් පොල් මදයයි. පොල් වියලීමට තබා එමගින් කොප්පර ලබා ගන්නා අතර කොප්පර මගින් තෙල් ලබා ගැනීම සිදු කරයි.

කොප්පර මෙම ආලෝක පූජාව සඳහා යොදා ගන්නේ වීථි සංචාරය කරන පෙරහැරේ පන්දම් දැල්වීමට වන අතර එමඟින් පරිසරයට කිසිදු හානියක් සිදු නොවීම විශේෂ වේ.

කොප්පර පහන් දැල්වීමෙන් කන්ද උඩරට දළදා පෙරහරේ මං මාවත් ආලෝකමත් කිරීම වසර ගණනාවක් තිස්සේ තවමත් පවත්වාගෙන එන අතර අතීතයේ දී කොප්පර සැපයීම සඳහා වෙන වෙනම නිලධාරීන් සිටි අතර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණි

 වර්තමානයේ දී දළදා පෙරහර ආලෝකමත් කරන පහන් සඳහා කොප්පරා පූජාව සිදු වන්නේ කෙසේද?

2014 වසරේ සිට වර්තමානයේ මෙම වසර දක්වාම යුද්ධ හමුදාව විසින් දළදා පෙරහර සඳහා වන කොප්පර පූජාව සිදු කරන අතර මෙම වසර සඳහා වන කොප්පර පූජාව පසුගිය ජූලි විසිනව වන දින අලුයම කාලයේ දී සෙංකඩගල දළදා මාළිගාවේ දී සිදු කෙරුණි. මෙවර කොප්පර පූජාව යුද්ධ හමුදාපති විකුම් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර එහිදී යුද්ධ හමුදාව වියලා සකස් කරන ලද කොප්පර ටොන් පහළොවක ප්‍රමාණය ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර වන දියවඩන නිලමේතුමා වෙත පිළිගන්වන ලදී.

යුද්ධ හමුදාවේ සෙබලුන් විසින් බෞද්ධ කොඩි හා නෙළුම් මල් වට්ටි රැගත් අලංකාරවත් පෙරහැරකින් කොප්පර, දළදා මාළිගා පරිශ්‍රයට රැගෙනවිත් දියවඩන නිලමේතුමා වෙත භාර දුන් අතර එහිදී සංකේතාත්මකව යුද හමුදාපතිතුමා විසින් කොප්පරා තොගයක් දියවඩන නිලමේතුමා වෙත පිළිගන්වන ලද අතර නිලමේතුමා විසින් සමන්පිච්ච මල් වට්ටියක් හමුදාපතිතුමා වෙත පිළිගන්වන ලදී.

අනතුරුව දියවඩන නිලමේතුමා විසින් බෞද්ධ කෞතුකාගාරයේ දී යුද හමුදාපතිතුමා ඇතුළු සියලු සෙබලුන් හට ඔවුන් වාර්ෂිකව සිදු කරන කොප්පර පූජාව සඳහා තම ස්තූතිය පුද කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

 ඉතිං මේ කොප්පර පූජාව සඳහා අවශ්‍ය කොප්පර නිපදවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල රෙජිමේන්තුවේ බට පිරිස් විසිනි.

ඔවුන් මෙම කොප්පර ලබා ගැනීම සඳහා පෙරහැර ආරම්භ වීමට වසරකට පමණ කාලයකට පෙර සිට පොල් වියලා කොප්පර ලබා ගැනීම සිදු කරයි. යුද්ධ හමුදාව මෙයින් පෙන්නුම් කරනුයේ යුද්ධ හමුදාව දළදා වහන්සේ වෙත දක්වන අසීමිත භක්තිය යි.

දැනට වාර්ෂික අවුරුදු නවයක් යුද හමුදාව දළදා පෙරහැර නැවුම් වර්ණවත් ආලෝකයෙන් සරසා ලන්නට අවශ්‍ය කරන පහන් සඳහා කොප්පර ලබා දීම සිදු කරයි.   

අතීතයෙන් විමසා බලන විට, මෙම කොප්පර පූජා සම්ප්‍රදාය ඇති වී තිබෙන්නේ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කරන විට පැමිණි කුල පිරිස් විසිනි.

මෙලෙස කොප්පර යොදා ගෙන සිදු කෙරෙන වීථි පහන් ආලෝකය, වෛවර්ණ සෙංකඩගල ඇසළ පෙරහැරට අවශ්‍ය ආලෝක වර්ණය ලබා දෙමින් වීථිය පුරා ආලෝකයෙන් වර්ණවත් කරයි.

Image Source :

Design : Samudini Doraliyagoda

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Dunith Desitha

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment