කොලෙස්ටෙරෝල්, එසේ නොමැති නම් අධි රුධිර පීඩනය යනු වර්තමාන තාක්ෂණික දියුණු ලෝකයේ යාන්ත්‍රීකරණය වූ සමාජය තුළ ඉතා සුලභව දක්නට ලැබෙන ජනප්‍රිය වූ බෝ නොවන රෝගයකි. වෛද්‍ය විද්‍යාත්මක අර්ථ කථනයේදී කොලෙස්ටෙරෝල් යනුවෙන් හඳුන්වන්නේ මේද (තෙල්) වර්ගයක් ලෙසයි. මිනිස් ශරීරය නීරෝගීව තබා ගැනීමට නම් කොලෙස්ටෙරෝල් සීමිත ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ස්වාභාවයෙන්ම අප රුධිරයේ යම් කොලෙස්ටෙරෝල් ප්‍රමාණයක් නිතැතින්ම පවතියි. මීට අමතරව අප ගන්නා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඔස්සේ අක්මාව මගින් ද කොලෙස්ටෙරෝල් නිපද වීම සිදු කරයි.
● ශරීරයේ අඩංගු වන විවිධ කොලෙස්ටෙරෝල් වර්ග
කොලෙස්ටෙරෝල් රුධිරයේ පරිවහනය වන්නේ ප්‍රෝටීන සමඟ සංයෝජනය වීමෙනි. මේවා මේද ප්‍රෝටීන (Lipoproteins) ලෙස හඳුන්වනු ලබන අතර විවිධ වර්ගවල මේද ප්‍රෝටීන ඇත. මේ අතරින් ඉතා වැදගත් ප්‍රෝටීන දෙකකි.
1. අඩු ඝනත්වයෙන් යුතු මේද ප්‍රෝටීන (Low Density Lipoprotein) LDL
මේවා අහිතකර කොලෙස්ටෙරෝල් ලෙස හඳුන්වනු ලබන අතර මේවා රුධිර වාහිනි තුළ තැන්පත් වී රුධිර ගමනාගමනයට බාධා පමුණුවමින් හෘදයාබාධ හා ආඝාත ඇති කරයි.
2. අධි ඝනත්වයෙන් යුතු මේද ප්‍රෝටීන (High Density Lipoprotein) HDL
මේවා රුධිර වාහිනි තුළ මේද තැන්පත් වීම වළකාලන බැවින් හිතකර කොලෙස්ටෙරෝල් ලෙසින් හඳුන්වයි.
ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොලෙස්ටෙරෝල් ශරීරය තුළ තැන්පත් වීම තුළින් අපට හෘදයාබාධ වැනි අවදානම් සහිත රෝගයන් වලට මෙන්ම විවිධ අපහසුතාවන් වලටද මුහුණ දීමට සිදු වනු ඇත. එම නිසා මෙම කොලෙස්ටෙරෝල් ශරීරය තුළ ප්‍රමාණය ඉක්මවා පැවතීම පාලනය කිරීමට වෛද්‍යවරු ස්ටැටින් (Statin) කාණ්ඩයේ ඖෂධ නිර්දේශ කරති.
සාමාන්‍යයෙන් අධි කොලෙස්ටෙරෝල් තත්ත්වය සඳහා බහුලව මෙම කාණ්ඩයේ ඖෂධ නිර්දේශ කිරීම සිදු කරයි. මෙම කාණ්ඩයේ ඖෂධ වර්ග කිහිපයකි.
● ඇටොවාස්ටැටින් (Atorvastatin)
● සිම්වාස්ටැටින් (Simvastatin)
● රොසුවාස්ටැටින් (Rosuvastatin)
● පිටවාස්ටැටින් (Pitavastatin)
● ප්‍රවාස්ටැටින් (Pravastatin)
මෙම ඖෂධ ශරීරයේ කොලෙස්ටෙරෝල් නිෂ්පාදනය සඳහා ඉවහල් වන එන්සයිමික ක්‍රියාවලිය වැළැක්වීම මගින් රුධිරයේ වැඩිමනත් කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පාලනය කරයි. එලෙසම හෘදයාබාධ තත්ත්වයන් අවම කිරීමත් රුධිර වාහිනි බිත්ති තුළ කැළැල් අවම කිරීමත් රුධිරය කැටි ගැසීමේ අවදානම අවම කිරීමත් මෙම ඖෂධ මගින් ලැබෙන අතුරු ප්‍රයෝජන වේ. එමෙන්ම රුධිරය තුළ පවතින අහිතකර කොලෙස්ටෙරෝල් (LDL) මෙන්ම ට්‍රයිග්ලිසරයිඩ ද අඩු කරයි.
මෙම ස්ටැටින් ඖෂධ ලබා ගැනීමේ දී ප්‍රථමයෙන් ම අප වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා ම වැදගත් කරුණකි. මෙම ඖෂධ ලබා ගැනීමට පෙර තමාගේ ශරීර සෞඛ්‍ය ලෙඩ රෝග මෙන් ම අසාත්මිකතාද පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම අතවශ්‍යම දෙයකි. මන්ද යත් එක් එක් පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය හා ලෙඩ රෝග අනුව නිර්දේශ කරන ඖෂධ වර්ග ද මාත්‍රාවද එකිනෙකට වෙනස් නිසාවෙනි. මෙම ඖෂධ ගැනීමට පෙර තමාගේ ශරීරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පිළිබඳ දැනුවත් විය යුතු අතර එය 200mg/dl (milligrams per deciliter) අගයට වඩා අඩු අගයක පවත්වා ගැනීම ප්‍රමාණවත් ය. මෙම ඖෂධ දිනකට එක් වරක් පමණක් ගැනීමට නියම කරන අතර එයට සුදුසුම කාලය ලෙස සවස 5-6 අතර කාලය වෛද්‍යවරු නිර්දේශ කරති. එලෙසම මෙම කාලය තුළ ඖෂධ ලබා ගැනීම අතපසු වුවහොත් රාත්‍රී කාලයේදී ලබා ගැනීම වරදක් නොමැති බවද පවසති.
ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමේ දී මෙමගින් අහිතකර අතුරු ඵල ලැබෙනුයේ ඉතාම කලාතුරකිනි. බොහෝ විට මෙම ඖෂධ සිරුරට අනවශ්‍ය වේදනාවක් හෝ අාබාධයකින් තොරව භාවිත කිරීමේ හැකියාව ඇත. නමුත් ඇතැම් අවස්ථාවක හිසේ කැක්කුම , වමන ගතිය , අරුචිය, මස්පිඩු වේදනාව ආදී සුළු අපහසුතාවන් මෙහි අතුරු ප්‍රතිඵල ලෙස ඇති විය හැක. නමුත් අසාමාන්‍ය රෝග ලක්ෂණ හෝ වේදනාවන් ඇති වුවහොත් හැකි විගස සිය වෛද්‍යවරයා දැනුවත් කිරීම සිදු කර අදාළ ඖෂධ මාත්‍රාව අඩු කිරීම හෝ නැවැත්වීම සිදු කළ හැක. මෙම ඖෂධ භාවිතයෙන් ඉතාම කලාතුරකින් ඇතැම් බරපතල අතුරු ඵල ද ඇති විය හැක. එනම්,
● දියවැඩියාව
● මස්පිඩු හානි වීම
● අක්මාව හානි වීම
● මතකය අමතක වීම පිළිබඳ ගැටලු
බොහෝ විට වෛද්‍යවරු මෙම ඖෂධ නිර්දේශ කිරීමේ දී සිය රෝගීන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කරති.එම නිසා ඉහත කී අවදානම් සහගත රෝගාබාධයන් ඇති වීම ඉතාම අල්පය.
ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමෙන් පසුවත් වෛද්‍යවරයා රෝගියාගේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පිළිබඳ සෑහීමකට පත් නොවේ නම් ඖෂධ මාත්‍රාව වැඩි කිරීම හෝ කලාතුරකින් කොලෙස්ටෙරෝල් පාලනය කරන වෙනත් ඖෂධයක් එකතු කරයි. රුධිරගත කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අවශ්‍ය පරිදි පාලනය වූ පසු නිතර නිතර කොලෙස්ටෙරෝල් ප්‍රමාණය පරික්ෂා කිරීම අනවශ්‍ය වන අතර අවුරුද්දට එක් වරක් පමණක් පරික්ෂා කිරීම සෑහේ.
මේ අයුරින් මෙම ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ භාවිතය මගින් කොලෙස්ටෙරෝල් මගින් ඇති විය හැකි බලපෑම අවම කර ගැනීමට හැකියාව තිබෙන නමුත් වැදගත්ම කරුණ මෙම රෝග වලින් වැළකී සිටීමය. එවිට කිසිදු අතුරු අාබාධයක් හෝ අපට වැළඳීමේ අවදානම නැති වී යයි. මේ සඳහා ,
● දුම් බීම පාලනය කිරීම හෝ නැවැත්වීම
● මත්පැන් පානයෙන් වැළකීම
● සෞඛ්‍ය ආරක්ෂිත සමබල ආහාර වේලක් ලබා ගැනීම (මේදය අඩු)
● ශරීරයේ බර පාලනය කිරීම
● ව්‍යායාමවල නිරත වීම සිදු කළ හැක.
මෙම පුරුදු අපගේ ජීවන රටාවට එකතු කර ගැනීම තුළින් මෙවැනි රෝග වලින් වැළකී සිටීමට හැකි වනු ඇත.
මූලාශ්‍රය:
https://medlineplus.gov/druginformation.html
Leave a Comment