නිසදැස්

කොවිඩ් – 19

හැමෝම මගෙන් ඈත් වෙලා…
කතා කරන්න විදියක් නෑ…
මැරුණොත් කාටවත් මාව බලන්නත් බෑ…
තනිවෙලා මාව…

කොහොමද මං මේකෙන් ගැලවෙන්නේ…
හොඳ වෙන්න බෙහෙතක් තාම හොයා ගන්න බැරි වුණාද?
මගෙ පවුලෙ අයට මොනව වෙලා ඇත්ද?
ආපහු යන්න පුලුවන් වුණොත් එයාල මං ළඟට එන්නෙ නැති වෙයිද?

කොහෙන් ආ කොරෝනාවක්ද?
ආදරය, කරුණාව, සෙනෙහස, බැඳීම්
හැමදේම නැති කරල දාන මහා ව්‍යවසනයක්…

සොබාදහමට කළ හානිවල දඬුවම්
අපිම විඳවනවා නේද අද?

හුස්ම ගන්න බෑ…
කන්න බොන්න විදියක් නෑ…
පපුවට හරි අමාරුයි…
මීට වඩා හොඳයි මැරිලා ගියානම්…
මැරෙන්නෑ…
සොබාදහමේ වේදනාව දීලමයි අපිව මරන්නේ…

බෙහෙතක් ගන්න විදියක් නෑ…
ඒවා ගත්තොත් තවත් ආබාධ…
කොරෝනාව සුව වුණත් දිව එළියට දාගෙන ඉන්න වෙලා…
අහෝ… කරුමයක විපත.

තවත් මොන කතාද?
ඇස් පනා පිටම අපි කළ පව් වල විපාක
ඵල දෙනවා…

ජීවිතයත් මරණයත් අතර සටනක්
තිස්තුන් කෝටියක දෙවිවරු කෝ…?
කන්නලව් කර කර අපිට හැමදේම
දෙනවයි කිව්ව ඒ දෙවිවරු කෝ…

දෙවිවරු ඉන්නවා…
අහසේ නෙවෙයි
මේ මිහිපිට…

අට පාස් යැයි කියන ආමි කාරයා…
කොරෝනාව ළඟටම යන වෙදැදුරු…
පොලීසිය…
උදේ ඉඳන් නින්දක් නෑ…
මල් තබා වැඳිය යුතු මේ තමයි දෙවිවරු…
මිථ්‍යාව අයින් කරල දැන්වත් ඇත්ත වටහගන්න.

රැකගන්න පරිසරය…
ආදරය කරන්න සොබාදම් මාතාවට
මව් රකින තැන
එයයි අප ලබන ජීවිතය…

දළඳා සමිඳු පිහිටයි…
තෙරුවන් සරණයි…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ෂර්මිලා සෙෂානි ගුණවර්ධන

ශාස්ත්‍ර පීඨය -පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment