නිසදැස්

කොවුලෝ නුඹ හැංගිලා ද?

කොවුලෝ නුඹ හැංගිලා ද
කෝ බොල අද උඹේ සද්දේ
වසංගතය ආරංචිද
ඒකද අද උඹ නැත්තේ

අලුත් ලිපක් ගිනි මොළවා
සුබ මොහොතින් කිරි උතුරා
එකම පැතුම හද රන්දා
නැත කිරිබත් සුවඳ මෙදා

කැවුම් කොකිස් නැත අද මෙහේ
අපේ එවුන් ලෙඩ ගානේ
සතුටු සිනා වියැකී ඇත
මර බිය අද අපේ හිතේ

හැමටම අමතක වීලා
සිංහල අවුරුදු කාලේ
රබන් සුරල් කවි වාරම්
නැත අද අපෙ ගම් මැද්දේ

පුංචි පැටව් ගෙයි මුල්ලේ
කෙළි සෙල්ලම් මතක නැතේ
වසංගතය හතර අතේ
පැතිරී අවුරුදු නැත්තේ

රතිඤ්ඤා හඬ අහස්කූරු
බඹර චක්‍ර නිලාකූරු
අවුරුදු සිරි බොඳව ගිහින්
ළමා ළපටි සිතේ දුකින්

අවුරුදු සිරි ඈත ගිහින්
සිතේ සතුට මැකී ගිහින්
විසබීජය පැතිර ගිහින්
අපි නිවසේ තනි ව ගිහින්

නෑගම් යන්නට අද බැහැ
තනියම අවුරුදු සැමරුම්
බුලත් හුරුළු තෑගි බෝග
නැත අද පාළුවට ගිහින්

පවුලේ සැම එකමුතුවෙන්
මේ නව අවුරුදු සමරමු
සියලු දෙනා සුවපත් වී
නිරෝගී බව පතමු සිතින්

Designed by – Chandula Sethuge

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment