මත්වී පැණි රසයට
තේ කෝප්පයකට ඇදෙනා කුහුඹුවෙකුට
කොහිද සැනසීමක්
එහිම වැටී ගිලෙනු මිස…
කණ වැටී ආලෝකයට
පහන් දැල්ලකට ඇදෙනා කෘමියෙකුට
කොහිද සැනසීමක්
එහිම ගිනිගෙන දැවෙනු මිස…
රැවටී සුගන්ධයට
බාදුරාවකට ඇදෙනා බඹරෙකුට
කොහිද සැනසීමක්
මල තුළම මිය යනු මිස…
අදුරු රියැලිටිය වෙනුවට
සිහිනය ෆැන්ටසියක් කරගත් මිනිසෙකුට
කොහිද සැනසීමක්
සිහිනයෙම ජීවත් වනු මිස…
Leave a Comment