තෙදිය කුසෙහි,
ඇස පුරා රසඳුන වී
එක ලෙසිනි,
දස – දෙස මෙත් කුළුණු පැතිරුයේ..
අසදිස පියාණෙනි,
අද මේ මහ පෝ දිනයේ…
පියුම් සිරි පා වැද
හිස අත් බඳිමි මෙසේ…
තුන් ලෝ ගිඟුරුවා
මෙත් කුළුණු ටැම්
දසත පැතිරුමට,
පාරමී දම් පුරමින්
සත්‍යයේ දහම සොයා
සසරින් එතෙරව,
නිමා කල ඒ…
ඔබය සමිඳුනි – තිලෝගුරු මුණිවර
දොරින් දොර පායා විත්,
පුන් සඳ මඬල සේ
නිවන් පුර දැකුමට,
මංපෙත සදා ලූ
සිවංකර නම් ලද
පුන්කෙත,
සමිඳ,
ඔබෙන් තොරව
කොහිවේද? සරණක්
Leave a Comment