නිසදැස් විශ්ව විද්‍යාලය

කොළඹ අහස යට

කොළඹ අහස යට
නියෝන් මල් පිපෙන කොට
කාකයෝ මවනවා ගීයක්
විඩාබර තනුවකුත්

රිදී ඉරක් සේ ඇදෙන
මොකද්දෝ අපූරු සිත්තමක්
වලා ගැබක නැගෙන පුන් සදක්
මවනවා තවත් ලොකු කතාවක්

පෙම්වතුන් වුණත්
ගෙවන්නේ හරිම අපහසු මොහොතක්
ඉතා වේදනාබර ගීයක් ගයා
හෙටදි හමුවන පොරොන්දුවෙන්

කොළඹ අහස යට
නියෝන් එළි හරි ලස්සන
හඩ ගාලා කියන්නම් හදට
ඒත් තරු තමයි ගොඩක් ලස්සන

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කලණ දම්සර

ශාස්ත්‍ර පීඨය- අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment