පසුගිය 16 වැනිදා (2016/08/16) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී පැවැති කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය නිමාවට පත්වූයේ උපාධිලාභී සොයුරු සොයුරියන්ට සදානුස්මරණීය මතක රාශියක් හිමිකර දෙමින්. විශ්වවිද්‍යාලයය මගින් ප්‍රදානය කරනු ලබන රන් පදක්කම් හිමිකරගත් සොයුරු සොයුරියන්ගේ මතකයන් ඒ අතරිනුත් සුවිශේෂයි. එම සොයුරු සොයුරියන් සමග Colombo Beacon කළ සොඳුරු කථාබහේ පළමු අදියරයි මේ සනිටුහන් වන්නේ. අද කථාබහ කොළඹ විශ්වවිද්‍යාලයයේ වසරේ හොඳම ශිෂ්‍යයාට පිරිනමන රන් පදක්කම හිමිකරගත් විද්‍යා පීඨයේ රිවි රත්නවීර අයියා සමඟින්.
Q1: මුලින්ම අපි කැමතියි රිවි අයියගේ පවුලේ විස්තර ටිකක් දැනගන්න.
අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. අම්මායි තාත්තයි නංගියි මමයි. පදිංචි වෙලා ඉන්නේ නාරහේන්පිට.
Q2: මොන පාසලටද ගියේ?
පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයයට. 1 වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ.
Q3: විශ්වවිද්‍යාලයයකට ඇතුලත් වෙන එක ඕනැම කෙනෙකුගේ ජිවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක්. විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීම කොහොමද ජිවිතයට දැනුනේ?ඒත් එක්ක ජිවිතේ වුණ වෙනස්වීම් මොනවාද?
ඇත්තටම මම පාසල් යන කාලෙ ගොඩක් ආසාවෙන් හිටියේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න. අම්මාත් තාත්තත් දෙන්නම ඒ අංශයේ අය හින්දා මාත් ඒ අංශයෙන් අධ්‍යාපනය හදාරන එක ඉගෙන ගන්න වැඩ වලදිත් පහසුවක්. ඒ වුනත් උසස් පෙළ ලියලා ප්‍රතිඵල ආවම මට ඉංජිනේරු පීඨයට තේරෙන්න ප්‍රතිඵල මදි වුනා. ඊට පස්සේ මම හිතුවේ කොළඹ විද්‍යා පීඨයට ඇතුලත් වෙලා අධ්‍යාපනය ලබන්න. හැමෝම කිවුවා ඒක හොඳ තීරණයක් කියලා. ඒ වුනාට මම මුලින්ම කොළඹ විශ්වවිද්‍යාලෙට තේරුනේ නෑ. මුලින්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙට තමයි මාව තේරුනේ. ඒකට ගිහින් ලියාපදිංචි වුනා විතරයි.ඊට පස්සේ මාව කොළඹ විශ්වවිද්‍යාලෙට තේරුනා. විශ්වවිද්‍යාලෙ ආවම වෙනස් වුනේ නම් ගොඩක්ම ඉගෙන ගත්ත විදිය තමයි. පාසලේදිට වඩා දේවල් අපිම හොයලා අධ්‍යයනය කරන්න පුරුදු වුනා. විශේෂයෙන්ම final year research එකේදි එහෙම. මම හිතන්නේ විශ්වවිද්‍යාලයයක තියන ඒ වෙනස ගොඩාක් හොඳයි.

Q4:විශ්වවිද්‍යාලයේදි ලබපු අධ්‍යාපනය ගැන සඳහන් කරනවානම්?
මම විශ්වවිද්‍යාලයයට ඇතුලත් වෙද්දි ආසාවෙන් ආවෙ රසායන විද්‍යාව ඉගෙන ගන්න. ඒ හින්දා රසායන විද්‍යාවත් එක්ක භෞතික විද්‍යාව තියන p1 combination එක තමයි තෝරගත්තේ. මම ඉල්ලපු combination එකම කරන්න මට අවස්ථාව ලැබුණා. මුල් අවුරුදු දෙක ඒ combination එක කරලා ඊට පස්සේ special තෝරද්දි මාව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව දෙකටම eligible වුනා. ඒකෙනුත් මම තෝරගත්තේ රසායන විද්‍යාව. ඊට පස්සේ මාව special කරන්න තේරුනේ computational chemistry වලට.
Q5: විශ්වවිද්‍යාලයේදි කරපු බාහිර වැඩ මොනවාද?
බාහිර වැඩ කීපයක්ම කළා.ප්‍රධාන වශයෙන්ම baseball team එකට සෙල්ලම් කරපු එක. ඒ වගේම මම swimming කළා. බටහිර සංගීතය පැත්තෙන් මට piano එක play කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයයේ තිබුනු සංගීත කටයුතු වලදි keyboard එක play කළා. අපේ රසායන විද්‍යා අධ්‍යයන අංශයෙන් හැම අවුරුද්දකම සංවිධානය කරන “සහස්” ව්‍යාපෘතියට අවුරුදු දෙකක් සහභාගි වුනා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් “මිහිඳු” සෙත් මැදුරේ වාර්ෂිකව පවත්වන ව්‍යාපෘතියටත් අවුරුදු දෙකක් සහභාගි වුනා.
Q6: පාසල් කාලයේදී යි විශ්වවිද්‍යාලයේදි යි ලබාගත්ත ජයග්‍රහණ ගැන මතක් කළොත්?
පාසල් කාලයේදී ආනන්ද විද්‍යාලයයේ ජීවිතාරක්ෂක සංගමයේ කටයුතු කළා.විශ්වවිද්‍යාලයයට ආවට පස්සෙත් එක්ක සම්පූර්ණ වසර 6ක් විතර මම ඒ සංගමයේ කටයුතු වල නිරත වුනා. 2009 අවුරුද්දෙදි ජිවිතාරක්ෂක සංගමයේ Captain විදියට වැඩ කළා. ඒ අවුරුද්දෙදිම ඒ වෙනුවෙන් පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේදි වර්ණ ලැබුනා.මම ජීවිතාරක්ෂක සංගමයේ Bronze medallion කෙනෙක්. අධ්‍යාපනය පැත්තෙන් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ත්‍යාග ලබාගෙන තියනවා.11 වසරට එනකම් හැම අවුරුද්දෙම වගේ තෑගි තිබුනා. 11 දි තමයි වැඩිපුරම තෑගි තිබුනේ.විශ්වවිද්‍යාලයයේ baseball team එක 2012 SLUG එකේදි දෙවන ස්ථානය දිනාගත්තා.මාත් ඒ team එකට play කළා. 2013 දි SriLanka baseball classic එකට මම සහභාගි වුනා තව අපේ විශ්වවිද්‍යාලයයේම baseball team එකේ යාළුවෝ පස්දෙනෙක් එක්ක. 2014 දි inter university games වලදි champion වුනා.2014දී ම SriLanka combined university baseball team එකට play කරන්න පුළුවන් වුනා තව අපේ විශ්වවිද්‍යාලයයේම baseball team එකේ යාළුවෝ හතර දෙනෙක් එක්ක. Japan-Asia pasific team එක එක්ක 2014 දි තිබුන තරඟයකින් අපි ජයග්‍රහණය කළා. Swimming වලින් මම second year, third year දෙකේදිම inter faculty තරඟවලින් ප්‍රථම ස්ථානය ලබාගත්තා. විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවයේදී 2013,14 වසර දෙකේදී swimming වලටත් 2012,13,14,15 වසර හතර සඳහා baseball වලටත් වර්ණ ලැබුනා.විශ්වවිද්‍යාලයයේ අධ්‍යයන කටයුතු වලින් මට 1st class එකක් ගන්න පුළුවන් වුනා.
Q7:අධ්‍යාපන කටයුතු වගේම බාහිර කටයුතු දෙකම කරන අපේ සොයුරු සොයුරියන් මුහුනදෙන ප්‍රධානතම ගැටළුව තමයි මේ දෙක සමබරව කරගෙන යාම. කොහොමද මේ දෙකම සමබරව කරගෙන ගියේ?
ඇත්තටම ඒකට එහෙම විශේෂයෙන් කරපු දෙයක් නම් නැහැ. මුල ඉඳන්ම සූදානම් වෙන්න තමයි තියෙන්නේ හොඳ සැලසුමක් ඇතිව. මට වුනත් එහෙම සැලසුමකට අනුව හරියටම වැඩ කරගන්න බැරිවුන අවස්ථා ඕනෑ තරම් තිබුනා.(සිනාසෙමින්). ඒ වුනත් මම lectures යන්න බැරිවුනත් notes ටික ඉල්ලගෙන පාඩම් ටික කරගත්තා. අපිට තියන කාලය කළමනාකරණය කරගැනීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. සමහර අය හිතනවා බාහිර වැඩ කරන්න ගියාම ඉගෙන ගන්න වැඩ මගඇරෙයි කියලා. එහෙම දෙයක් වෙන්නේ නෑ අපි හරියට අපේ කාලය කළමනාකරණය කරගන්නවානම්.

Q8: විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ජීවිතයට බාහිර කටයුතුවල වැදගත්කම කොහොමද දකින්නේ?
මම දකින්නේ පාසල් කාලයේදි යි විශ්වවිද්‍යාලයයේදි යි දෙකේදිම බාහිර වැඩ කරන එක ගොඩක් වැදගත්.අධ්‍යයන කටයුතු වලින් වගේම බාහිර වැඩ කරන එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.අධ්‍යයන කටයුතු වලින් ලබා ගන්න බැරි දේවල් ගොඩක් බාහිර වැඩ වලින් ජීවිතේට ලබාගන්න පුළුවන්.කණ්ඩායමක් විදියට වැඩ කරන හැටි, අභියෝග වලට මුහුනදෙන හැටි වගේ දේවල් අධ්‍යයන කටයුතු වලින් ඉගෙන ගන්න බැහැ.
Q9:විශ්වවිද්‍යාලයයේ හොඳම ශිෂ්‍යයාට පිරිනමන රන් පදක්කම දිනාගැනීම කෙනෙක්ට කලාතුරකින් ලැබෙන සුවිශේෂී අවස්ථාවක්නේ. ඒ ගැන දැනුන හැඟීම කොයි වගේද?
මුලින්ම මම මේකට ඉල්ලන්නත් නෙමෙයි හිටියේ. මේ පදක්කම මුළු විශ්වවිද්‍යාලයය වෙනුවෙන්ම පිරිනමන පදක්කමක්. හැම faculty එකකම අයට මේ සඳහා ඉල්ලන්නත් පුළුවන් වගේම අනිත් faculties හැම එකකම මේකට සුදුසුකම් තියන අය ගොඩක් හිටියා. ඒ හින්දා ලොකු බලාපොරොත්තුවක් තිබුනේ නෑ ලැබෙයි කියලා. Batch එකේ යාළුවෙක් තමයි කිවුවේ ඉල්ලන්න කියලා.ඊට පස්සේ application එකක් දැම්මා. මේ පදක්කම මට ලැබෙනවා කියලා දැනගත්තේ convacation එකට දවස් 3කට කළින්. ගොඩක් සතුටුයි.
Q10: විශ්වවිද්‍යාලයයෙන් ඉවත්වීමත් එක්ක ක්‍රීඩා කටයුතු නවත්වනවද?
swimming නම් කෙරුනේම නෑ මේ ටිකේ. Baseball වලට නම් නිතරම වගේ support කළා. විශ්වවිද්‍යාලයයෙන් out වෙන baseball play කරපු අයට අපි ලඟදී UOC Strickers කියලා අළුතින් baseball club එකක් හැදුවා. එකේ දිගටම baseball සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊලඟ National knockout tournament එකට UOC Strickers club එක සහභාගි වෙන්නයි ඉන්නේ.
Q11: අනාගත බලාපොරොත්තුත් ගොඩක් අතිනේ. ඒ ගැන කිවුවොත්?
බලාපොරොත්තු ගොඩක් නම් නෑ.එකක් තියනවා.ලබන අවුරුද්දේ Ph.D. එකකට USA යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ department එකේ මාත් එක්ක demonstrator විදියට වැඩකරන අනිත් අයත් එක්ක. ලබන අවුරුද්දේ මැද තමයි ඒ වැඩ පටන් ගන්නේ. ඒක තමයි දැනට තියෙන බලාපොරොත්තුව.
Q12: අනාගත බලාපොරොත්තු වලට විශ්වවිද්‍යාලයයෙන් ලැබුන ශක්තිය කොයි වගේද?
ගොඩක් උදවු ලැබුනා විශ්වවිද්‍යාලයයෙන්. විශේෂයෙන්ම අපිට ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයය විදිහට ගොඩක් හොඳ අධ්‍යයන කාර්යමණ්ඩලයක් ඉන්නවා. විශ්වවිද්‍යාලයයේ lecturers සර් ලා මැඩම් ලා අපේ හැම දේකදිම උදවු කලා.විශ්වවිද්‍යාලයයේ ඉගෙන ගත්ත දේවල් වලදි විතරක් නෙමෙයි final year project එකට ඒවගේම Ph.D එකට apply කරද්දි පවා උදවු කළා. Demonstrator කෙනෙක් විදියට විශ්වවිද්‍යාලයයේ වැඩ කරපු එකත් ලොකු උදවුවක් වේවි. Ph.D එක කරන්න ගියාම Ph.D එක කරන ගමන් අපිට teaching asistent කෙනෙක් විදියට වැඩ කරන්න වෙනවා.එකට ලොකු පහසුවක් කලින් මෙහෙදි demonstrator කෙනෙක් විදියට වැඩ කරලා ඒ අත්දැකීම් ලබාගෙන තියන එක. අධ්‍යාපන කටයුතු වලට වගේම බාහිර කටයුතු වලටත් ලොකු සහයෝගයක් විශ්වවිද්‍යාලයයෙන් ලැබුනා. විශ්වවිද්‍යාලයයෙන් හමුවුන යාළුවොත් ගොඩක් වැදගත්.මොකද අපි මොන දේ කරත් අන්තිමේට ඉතිරිවෙන්නේ හොඳ යාළුකම් ටික විතරයිනේ.
Q13: මේ වගේ සුවිශේෂී තැනකට එන්න උදවු කරපු අයත් ගොඩක් ඇති. ඒ අයවත් මතක් කරමු.
ගෙදර හැමදෙනාම අම්මායි තාත්තායි නංගියි මතක් කරන්න ඕනෑ. විභාග කාලෙට ගෙදරින් මට ලොකු සහයෝගයක් දුන්නා ගෙදර හැමදෙනාම. ඒ වගේම විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය ලබා දුන් ඒ වගේම උදවු කරපු සියළුම සර් ලා මැඩම් ලා මතක් කරන්න ඕනෑ. යාළුවෝ ටිකත් මතක් කරන්න ඕනෑ.එකට පාඩම් කරපු ඒ වගේම පාඩම් කියලා දීපු යාළුවෝ වගේම බාහිර ක්‍රීඩා වැඩ වලදි එකට හිටපු හැම දෙනාම.තව මට මේ වෙලාවේ කියන්න අමතක වුන උදවු කරපු හැම දෙනාවම මතක් කරනවා.

Q14: අවසාන වශයෙන් අපිට කියන්නකො තවම විශ්වවිද්‍යාලයයේ අධ්‍යයන කටයුතු කරන අපේ සොයුරු සොයුරියන්ට කියන්න තියෙන්නේ මොනවද කියලා.
කියන්න තියෙන්නේ විශ්වවිද්‍යාලයට ආපු එක අපතේ යවන්නේ නැතුව උපරිම ප්‍රයෝජන ගන්න කියලා. උසස් පෙළ ලියන අයගෙන් ඉතාම සුළු පිරිසකටයි විශ්වවිද්‍යාලයයකට යන්න ලැබෙන්නේ. එතනිනුත් කොළඹ විශ්වවිද්‍යාලයයට එන්න ලැබෙන්නේ ඉතාම ටික දෙනෙකුට විතරයි. එහෙම එන්න ලැබුනා නම් මේ ලංකාවේ තියන හොඳම විශ්වවිද්‍යාලයයට ඇතුලත් වෙන්න ලැබුනු අවස්ථාව අපතේ යවන්න එපා. අධ්‍යාපන කටයුතු ඒ වගේම බාහිර කටයුතු දෙකම හොඳට කරගන්න. විශේෂයෙන්ම හැමවෙලාවෙම මතක තියාගන්න ඕනේ ඇයි අපි විශ්වවිද්‍යාලයයට ආවෙ කියන එක.තමන්ගේ මූලික අරමුණු හඳුනාගන්න ඕනෑ.ඒ අනුව වැඩ කරන්න ඕනෑ.සමහර අය ඉන්නවා උසස් පෙළ හොඳ ප්‍රතිඵල අරන් විශ්වවිද්‍යාලයයට එනවා.ඊට පස්සේ විශ්වවිද්‍යාලයයට ආවම අමතක වෙනවා කරන්න ආපු දේ මොකද්ද කියන එක. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු හරියට කරන්නෙත් නෑ බාහිර වැඩක් කරන්නෙත් නෑ සමහර වෙලාවට උපාධිය පවා යන්තම් ලකුණු වලින් අරගෙන යනවා. ඒක අපරාධයක්. ඒ හින්දා විශ්වවිද්‍යාලයයට ආපු එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
කොළඹ විශ්වවිද්‍යාලයයේ හොඳම ශිෂ්‍යයා වීමේ ජයග්‍රහණය වෙනුවෙන් Colombo Beacon අපිත් රිවි අයියාට අපගේ සුභපැතුම් එක්කරන අතර ඔහුගේ බලාපොරොත්තු සැබෑ වේවා යි ප්‍රාර්ථනා කරමු.
සහය – අක්ෂිලා අනුරංගි, අසින්ත දිල්හාර
Leave a Comment