Interview

කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…2

 පුංචි කාලෙ පාඩම් කරන්න කම්මැලි වුනාම අපේ වැඩිහිටියෝ කියන දෙයක් තමයි, “ඉගෙනීම කටු අත්තකි, එහි ඵලය මල් ඉත්තකි“ කියලා. මෙහි සැබෑ අර්ථය    වැටහෙන්නෙ සැබැවින්ම අධ්‍යාපනයේ නිසි ඵල නෙලා ගත් අයටයි. අධ්‍යාපනයෙන් දැනුම, බුද්ධිය, සමාජ ගෞරවය පමණක් නොවේ, ආත්ම ශක්තිය වගේම මනා      හික්මීමත් ලැබෙනවා.

       Colombo beacon හි, නවමු පියවරක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ උපාධි ප්‍රධානෝත්සවයේදී රන් පදක්කම් ලාභී අපේම සහෝදර සහෝදරියන් සමග         සංවාදයේ පළමු අදියර සනිටුහන් කළා ඔබට මතක ඇති.

       අදත් ඒ වගේම අපි කතාබහට එක් කර ගත්තේ, ශාක විද්‍යා අධ්‍යනාංශයේ, ශාක ජෛව තාක්ෂණය (Plant Biotechnology) අංශයෙන් සහ සමස්ථ ශාක විද්‍යා අධ්‍යයනාංශයෙන් ඉහළම සාමාර්ථය ලබාගත්, ඒ වගේම Colombo Beacon හි ආරම්භක සාමාජිකයෙක් වූ රිෂාන් සම්පත් අයියවයි.

Q1: මුලින්ම අයියගේ පාසල, පවුලේ විස්තර එහෙම සදහන් කළොත්?

මම මුලින්ම ගියේ මොරහැල කණිෂ්ඨ විද්‍යාලය, බලංගොඩ. ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ නාලන්දා විද්‍යාලයට ආවා. පවුලෙ විස්තර නම් ඉතින් මම තමයි එකම ළමයා (සිනාසෙමින්)

Q2: පාසල් කාලයේදීත් බාහිර ක්‍රියාකාරකම් වල නිරත වුණාද?

ඔව්, societies වල හිටියා. Nature club ,Communication unit, Science society ඒ වගේම English literature society එකේ හිටියා.

Q3: පොඩි කාලෙ බලාපොරොත්තුවක් තිබුනද විශ්වවිද්‍යාලයට යනවමයි කියලා?

විශේෂ ලොකු බලාපොරොත්තුවක් පොඩි කාලෙ නම් තිබුනෙ නෑ. ඒත් උසස් පෙළ කරන්න පටන් ගන්න කොට හිතුනා කොහොමහරි යන්න ඕන කියලා.

Q4: Colombo Beacon හි ආරම්භක සාමාජිකයෙක් විදිහට ලබා ගත්ත අත්දැකීම් ගැන පොඩ්ඩක් කිව්වොත්?

චමොදිත් අයියා තමයි Colombo Beacon පටන් ගත්තෙ. මට මතකයි දවසක් ඇවිත් කිව්වා මෙහෙම වැඩක් තියෙනවා, අපි කරමු කියලා. ඒත් මෙච්චර සාර්ථක වෙයිද කියලා idea එකක් අපිට තිබුනෙ නෑ. එතකොට අපි 2nd year හිටියෙ. චමොදිත් අයියා, මම, තව අපේ 6 දෙනෙකුයි එකතු කරගෙන තමයි පටන් ගත්තෙ. ඇත්තටම දැන් ඉතින් සන්තෝසයි මේ ලබපු දියුණුව ගැන. මේ තරම් මෙහෙම වෙයි කියලා එදා අපි හිතුවෙ නෑ. ඒත් දැන් ලබපු සාර්ථකත්වය ගැන ලොකු සතුටක් තියෙනවා.

Q5: විශ්වවිද්‍යාලයේදි ඊට අමතරව කළ බාහිර දේවල් මොනවද?

1st year ඉඳලම මම ගොඩක් extra activities වල හිටියා. මුලින්ම බෞද්ධ සංගමයේ member කෙනෙක් විදිහට හිටියා, පළමු අවුරුදු දෙකේදි. මං 2nd year එකේ දි එහි උප සභාපති විදිහට තේරුණා. ඊට පස්සෙ 3rd year එකේදි එහි භාණ්ඩාගාරික වුණා. ඊට අමතරව computer lounge, 1st & 2nd years වල member කෙනෙක් විදිහට හිටියා. 3rd year එකේදි ඒකෙ admin වුණා.

Q6: ඔබ දකින විදිහට බාහිර ක්‍රියාකාරකම් වලින් ඉගෙනුම් කටයුතු වලට කිසියම් වූ ඵලදායීතාවයක් හෝ පන්නරයක් ලැබෙනවාද?

ඔව් ඇත්තෙන්ම, මං දකින විදිහට campus එකක් කියලා කියන්නෙ ඉගෙනීමට විතරක් සීමා වෙන්න ඕන තැනක් නෙමෙයි. campus එකේදි බාහිර ක්‍රියාකාරකමුත් එක්කයි යන්න ඕන. academic ම විතරක් කරනවනම් ඒක ඉස්කෝලයක් මිසක් campus එකක් වෙන්නෙ නෑනෙ. අපි campus එකෙන් හදන්නෙ කවදාහරි රටට වැඩ කරන්න පුළුවන් කෙනෙක්නෙ. ඉතින් ඒ වගේ කෙනෙක් හදන්න මං හිතන්නෙ නෑ academic වලින් විතරක් පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන් අර extra activities තියෙන්න ඕන. campus එකේදි ඒ ලබන අත්දැකීම් academic කටයුතු වලටත් ගොඩක් ඉවහල් වෙනවා. stress එක යටතෙ වැඩ කරන්නෙ කොහොමද, බාහිර වැඩ කරද්දි සමහර වෙලාවට ලොකු පීඩනයක් එනවා. ඉතින් ඉක්මන් තීරණ ගන්න අවශ්‍ය තැන් එනවා. ඒ අවස්ථා වලට මුහුණ දෙද්දි ලබන අත්දැකීම් academic පැත්තටත් යොදා ගන්න පුළුවන්.

Q7: Plant biotechnology තෝරාගැනීමට විශේෂ කැමැත්තක් හෝ හේතුවක් තිබුණාද?

මෙහෙමයි, biotechnology field එකට ලොකු ආශාවක් තිබුණා. ඒ වුණාට පළමු වැනි, දෙ‍වෙනි අවුරුදු වල ලොකු අදහසක් තිබුනෙත් නෑ මේකටම යනවා කියලා. special ගොඩක් ඒවට මම eligible වුණා. ඊට පස්සෙ මම plant biotechnology වලට apply කළා.

Q8: ආවේණික වූ ඉගෙනුම් ශෛලියක් අනුගමනය කළාද?

එහෙම විශේෂ ශෛලියක් කියන්න අමාරුයි. ඒ කියන්නෙ අර මම කිව්වා වගේ, academic ම කරපු කෙනෙක් විදිහට මම මාව දකින්නෙ නෑ. academic කළා, නැතුව නෙවෙයි. (සිනාසෙමින්) නමුත් බාහිර දේවල් කරද්දි මං අතින් ඕන තරම් lectures cut වෙලා තියෙනවා. සමහර සති ගනන් function එහෙම කරනකොට, lounge එකේ එහෙම, ඒ කාලෙට මං ඒවා විතරක්ම කරන වෙලාවලුත් තිබුණා. හැබැයි ඉතින් exam වලට target කළා. exam එකක් එනකොට කොහොම හරි මේක කරනවා කියලා target එකක් තිබුණා. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නෙ academic වුනත් සාර්ථක වෙන්න පුළුවන් වෙන්න ඇත්තෙ.

Q9: බොහෝ දෙනා කියන පරිදි ඉගෙනීමෙදි වඩා වැදගත් අවබෝධයයි. ඔබ දකින විදිහට වඩා ඉහළ ප්‍රතිඵල ලබන්න තවත් සුදුසුකම් තිබිය යුතුද?

ඔව් අවබෝධය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ වගේම කැපවීමත් තියෙන්න ඕන. කැපවීම නැතුව අවබෝධය තිබුනයි කියලම ඉහළ ප්‍රතිඵල ලබනවා කියන එක ප්‍රශ්නයක්. මං දකින විදිහට අපිට කුමක් හෝ ඕන නම් ඒකට අනිවාර්යයෙන් කැපවෙන්න ඕන. මට මොනවා හරි course එකකට A එකක් ඕන නම් නිකම්ම හිටියා කියලා  ඒ දේ ලැබෙන්නෙ නෑ. notes ටික හොයාගෙන papers කරලා කැප වෙන එක වැදගත්. අවබෝධය නැතුවත් මුකුත් කරන්න බෑ. හැබැයි මං හිතන්නෙ අවබෝධය නැතුව වුනත් කැපවීම තියෙනවා නම්, කැපවීම තුලින් ඒ අවබෝධය ගන්න පුළුවන්.

Q10: ඇතැම් අයට හැකියාව සහ වුවමනාව තිබුනත් කැපවීම අඩුකම නිසා තමන් බලාපොරොත්තු වන තැනට ලං වන්නට අසීරු වෙලා තියෙනවා. එහෙම අයට පුංචි මගපෙන්වීමක් ලෙස යමක් කිව්වොත්?

ඔව්, මං කියන්නෙ ඉස්සෙල්ලම අපි කරන දේට කැමැත්තක් ඇති කර ගන්න ඕන. මං හිතනවා දෙයකට අපි අකමැති නම්, ඒ දේ අපිට කොච්චර හොඳට කළත් කරන්න බෑ. මං හිතන්නෙ අපිට දෙයක් අනිවාර්යෙන්ම ලබා ගන්න ඕන නම්, උදාහරණයක් ගත්තොත්, subject එකක අපි අකමැති කොටසක් තියෙනවා නම්, ඒ කොටසට මුලින්ම කැමැත්ත ඇති කරගන්න ඕන. ඊට පස්සෙ කැපවෙලා ඒ දේ සාර්ථක කර ගන්න ඕන. special එකක් කරන කොට වුනත් අකමැත්තෙන් කරනවනම් ඒ දෙයින් ඉදිරියට යන්න බැරි වෙනවා.

Q11: ඉදිරි ගමන කොයි වගේ වෙයිද?

දැන්ම රටින් පිටට යන්න අදහසක් නැහැ. මං හිතන් ඉන්නෙ ලංකාවෙ ඉඳගෙන Industrial field එකේ job එකක් කරන්න.

Q12: මෙතෙක් ලබපු ජයග්‍රහණ වලට අතහිත දුන් අයව මතක් කළොත්?

ඔව් අනිවාර්යෙන්ම, අතහිත දුන් අය කියනවනම්, මගේ අම්මා, තාත්තා පොඩි කාලෙ ඉදලම මාව ශිෂ්‍යත්වෙන් පාස් කරලා, කොළඹ පාසලකට ඇතුලත් කරලා, ඒ හැමදේම පිටිපස්සෙ හිටියෙ අම්මයි තාත්තයි. ඊට පස්සෙ මං ඉන්නෙ පුංචිගේ ගෙදර, මම 6 වසරෙ ඉදලා නැවතිලා හිටියෙ එයාලත් එක්ක. ඒ හැමෝම, බාප්පා, පුංචි, නංගි. ඒ වගේම මගේ පාසලේ යාළුවො. ඊට අමතරව මේ කාලයෙ මතක් කරන්න ඕන මාත් එක්ක campus එකේ හිටපු යාළුවො. විශේෂයෙන්ම අන්තිම අවුරුදු 2 ඇතුලත මාත් එක්ක හිටපු මගේ යාළුවො 17 දෙනෙක් ඉන්නවා. ඒ 17 දෙනා තමයි මාව මේ තත්ත්වෙට ගේන්න ගොඩක් මහන්සි වුණේ. ඒ කියන්නෙ අපි එකට පාඩම් කළා, එකට function කළා. ඒ ඔක්කොම කලේ යාළුවොත් එක්ක. ඒ නිසා එයාලත් අම්මා තාත්තා වගේම මතක් කරන්න ඕන.

විශේෂයෙන්ම අපේ Department එකේ lecturers ලා. මට කලින් හිටිය Demonstraters ලා, ඒ ඔක්කොම මතක් කරන්න ඕන. ඉතින් ඒ අය තමයි මග පෙන්නුවේ.

Q13: අවසාන වශයෙන්, ඕනෑම අයෙකුට, පැහැදිලි අරමුණක් හඹා යනවා නම් දෙන පණිවිඩය කුමක්ද?

මං කියන්නේ ජීවිතයේ Targets තියාගන්න ඕන. Targets නැතුව කාටවත් ඉදිරියට යන්න බෑ. අපි මේක කරනවා, කවදාහරි මේක ලබාගන්නවා කියලා. අරමුණක් තියෙන්න ඕන හැබැයි නිකම්ම අරමුණක් තිබිලා වැඩක් නෑ. ඒක ලඟා කරගන්න උත්සාහ කරන්න ඕන. ඒකට දැන් ඉඳලම plan කරලා වැඩ කරන්න ඕන. අපේ ජීවිතේ අරමුණු තිබුණට සමහර වෙලාවට නිකම්ම හීන විතරක් වෙලා යනවා. ඒ නිසා මං කියන්නෙ ඒ targets achieve කර ගන්න දැන් ඉඳලම මහන්සි වෙන්න ඕන. සමහර වෙලාවට අපි ඒ පාරෙන් පිට පනින්න පුළුවන්. නමුත් අන්තිම goal එක වෙන්න ඕන එතනට යන එක.

තව දෙයක්, ඇත්තටම ගොඩක් සතුටුයි, අපි ආරම්භ කරගෙන ආපු  Colombo Beacon එක මේ වගේ දේවල් කරගෙන සාර්ථක ගමනක් යන එක ගැන.

බොහොම ස්තූතියි!

ඒ වගේම Colombo Beacon අපිත් රිෂාන් අයියාගෙ සියළු ජයග්‍රහණ වෙනුවෙන් අපේ සුභ පැතුම් එක් කරන අතරම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

සහාය – රමිඳු ප්‍රදීප් තාරක

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලීමා ජයසිංහ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment