කොළඹ විශ්වවිද්‍යාලය මගින් ප්‍රදානය කරනු ලබන රන් පදක්කම් හිමිකරගත් සොයුරු සොයුරියන් සමග Colombo Beacon කළ සොඳුරු කථාබහේ අදියර කිහිපයක් පසුගිය සති කිහිපය පුරා ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. එහි ඊළඟ අදියරයි මේ සනිටුහන් වන්නේ.
අද කථාබහ කොළඹ විශ්වවිද්‍යාලයයේ සංඛ්‍යානය අධ්‍යයන අංශයෙන්, සංඛ්‍යානය විශේෂ උපාධිධාරීන් වෙනුවෙන් පිරිනමන පදක්කම් දෙකම ලබාගත් විද්‍යා පීඨයේ තර්කේශි ධර්මරත්න අක්කා සමග.
Q1.මුලින්ම අපි කැමතියි අක්කාගේ පවුලේ විස්තර ටිකක් දැනගන්න.
අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා.අම්මයි තාත්තයි නංගියි මමයි. අපි ඉන්නේ දෙහිවල.
Q2.මොන පාසලටද ගියේ?
මම පාසල් 3කට ගියා. මුලින්ම ගියේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලට. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයයට ආවා. උසස් පෙළ හදාරන්න කොළඹ දේවි බාලිකා විද්‍යාලයයට ඇතුලත් වුනා.
Q3.කොහොමද සංඛ්‍යානය ඉගෙන ගන්න යොමු වුනේ? පාසල් කාලේ ඉඳන් විශේෂ ආසාවක් තිබුණද විශ්වවිද්‍යාලයයට ආවම සංඛ්‍යානය ඉගෙන ගන්න.
ඔව් ඇත්තටම ගොඩක් ආසයි සංඛ්‍යානය ඉගෙන ගන්න. A/L කරද්දි maths වලට අපි සංඛ්‍යානය ඉගෙනගත්තා. හැමදාම maths paper එකේ මුලින්ම මම කළෙත් සංඛ්‍යානය ප්‍රශ්නය. ඉතින් campus ඇවිත් විෂයන් තෝරද්දි අනිවාර්යෙන්ම සංඛ්‍යානය තමයි මුලින්ම තේරුවේ.
Q4.සංඛ්‍යානය අධ්‍යයන අංශයෙන්, සංඛ්‍යානය විශේෂ උපාධිධාරීන් වෙනුවෙන් පිරිනමන පදක්කම් දෙකම අක්කාට ලැබුන එක ගැන කොහොමද දැනුනෙ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ලොකු කැපවීමකින් වැඩ කළා මේ තැනට එන්න. පාඩම් වැඩ එදිනෙදා ක්‍රමවත්ව කරගෙන ගියා. පාඩම්වල ගැටළු තියන තැන් යාළුවෝ එක්ක එදිනෙදා කතා කළා.විභාගෙට යන්න කලින් ඒ ඒ විෂයට අවුරුදු 10ක විතර පහුගිය ප්‍රශ්නපත්‍ර කළා. research එකට මාස 6ක් විතර ගොඩාක් මහන්සි වුනා. ඒ කැපවීමට හොඳ ප්‍රතිඵලයක් ලැබුනා කියලා හිතනවා.(සිනාසෙමින්)

Q5.අධ්‍යාපන කටයුතුවලට සංඛ්‍යානය අධ්‍යයන අංශයෙන් ලැබුන සහයෝගය කොයි වගේද?
ලොකු සහයෝගයක් ලැබුනා lecturers ලා ඒ වගේම demonstratorsලා ගොඩක් උදවු කළා lectures වල තේරෙන්නේ නැති දෙයක් තිබුනොත් අපි department එකට ගිහින් වුනත් lecturersලා එක්ක කතාකරලා තෙරුනේ නැති දේවල් අහගත්තා. අපිට හිටපු demontratorsලා හරිම සුහදශීලියි.විෂයන් තෝරගන්නකොට demonstratorsලා ගෙන් අහලා බැලුවා ඒ විෂයන් ගැන. පාඩම් වැඩ වලටත් ලොකු සහයෝගයක් ලැබුනා demonstratorsලා ගෙන්.
Q6.ඉහළ GPA එකක් ලබාගන්න එක විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන හැමෝගෙම බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුවට අත්වැලක් විදියට දෙයක් කියනවානම්?
විශ්වවිද්‍යාලයයට ආවම මුල ඉඳන් අරමුණක් ඇතුව වැඩ කරන්න. මොන දේ වුනත් ඒ අරමුණින් වැඩ කරන්න ඕනෑ.ඒ වගේම lectures යන්න ඕනෑ මග අරින්නේ නැතුව. බැරිවෙලාහරි යන්න බැරිවුනොත් යාළුවෙකුගෙන් සටහන් ටික හරි ඉල්ලගෙන පාඩම් වැඩ එදිනෙදා කරගෙන යන්න. පුස්තකාලයෙනනුත් පාඩම් වැඩ වලට ලොකු උදවුවක් ගන්න පුළුවන්. Campus එන හැමකෙනෙක්ම ඉගෙන ගන්න ලොකු දක්ෂතාවයක් තියන අය. ඒ නිසා උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කළොත් හැමකෙනෙකුටම ඉහළ GPA එකකට යන්න පුළුවන්.
Q7.සමහර අය කරන දෙයක් තමයි විශ්වවිද්‍යාලයයේ දේශනවලට සහභාගි නොවී විභාග සහ ඇගයීම් වලට විතරක් සහභාගි වෙලා කොහොමහරි විෂයන් සමත් වෙන්න උත්සාහ කරන එක. දේශනවලට සහභාගි වීම සහ විෂය කරුණු වැඩිදුරටත් ස්වයං අධ්‍යයනය කිරීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට වැදගත් වෙන්නේ කොහොමද?
ගොඩක් අය හිතන දෙයක් තමයි විශ්වවිද්‍යාලයට ආවමත් A/L කාලෙ පාඩම් වැඩ කරපු විදියටම වැඩ කරන්න පුළුවන් කියන එක. ඒත් විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම් කටයුතු වෙන විදිය A/Lවලට වඩා ගොඩක් වෙනස්. lectures වලදි කියලා දෙන දේවල් වලට අමතරව විෂය කරුණු ස්වයං අධ්‍යයනයක යෙදෙන එක ගොඩක් වැදගත්. එහෙම කලාම විෂය කරුණු ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. විෂය කරුණු ස්වයං අධ්‍යයනය කරන්න විශ්වවිද්‍යාලයයේ පුස්තකාලයෙන් ලොකු පිටුවහලක් ලබාගන්න පුළුවන්.ඒ වගේම හැම lecture එකකටම සහභාගි වෙන එකත් වැදගත්. හැමදාම lectures ගියාම අන්තිම මොහොත වෙනකම් ඉන්නේ නැතිව ක්‍රමානුකූලව වැඩ කරන්න පුළුවන්. මම දකින විදියට විභාග සහ ඇගයීම් වලට විතරක් සහභාගි වෙලා කොහොමහරි විෂයන් සමත් වෙන්න උත්සාහ කරන්නේ නැතිව අරමුණට ලොකු කැපවීමක් යොදවලා වැඩ කලොත් තමයි ඉගෙන ගන්න එකෙන් හොඳ ප්‍රථිඵලයක් ලබාගන්න පුළුවන්.
Q8.සමහර අයට තියන ප්‍රශ්නයක් තමයි ගොඩක් මහන්සිවෙලා පාඩම් කලාට අන්තිමේට විභාගෙට හරියට මුහුනදෙන්න තියන නොහැකියාව හින්දා GPA එක අඩුවෙන එක. ඒ වගේ සොයුරු සොයුරියන්ට මගපෙන්වීමක් කලොත්?
විභාගයකදී අපිට කරන්න වෙන්නේ අළුත්ම ප්‍රශ්න. ඒවා පසුගිය ප්‍රශ්න පත්‍ර වලට වඩා ගොඩක් වෙනස්, සමහර වෙලාවට කවදාවත්ම කරපු නැති විදියේ ප්‍රශ්න. විභාගයකදී වැඩිපුරම වැදගත් වෙන්නේ ඒ වෙලාවේ තියන ආතතියත් එක්ක ඒ ඒ ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන විදිය. විභාගයකදි ආතතියක් තියන එක ස්වභාවිකයි. එත් සමහර අයට විභාගය හින්දා එන ආතතියට අමතරව ඒ වෙලාවේ කාළය කළමණාකරනය කරගන්න බැරිහින්දා ලොකු ආතතියකට මුහුන දෙන්න වෙනවා. ඒ හින්දා පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා පුරුදු වෙනකොට ඒවා නියමිත කාලයට කරන්න පුරුදු වෙන එක වැදගත්.

Q9.Final year research එක ගැන විස්තර ටිකක් කියමු.
මගේ research එක simulation research එකක්. Topic එක Methods for analysing binary repeated measures-the small sample case. Supervisor prof.M.R.සූරියආරච්චි madam. madam ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Research එක කරද්දි department එකට ඇවිත් madam එක්ක කතාකරලා විතරක් නෙමේ emailකරලා හරි madam එක්ක research එකේ ප්‍රශ්න ගැන කතාකරන්න පුළුවන් වුනා. madam ගොඩක් උදවු කලා research එකට වගේම thesis එක නිවැරදිව ලියන්නත්. Department එකේ අනෙක් lecturers ලාත් ගොඩක් උදවු කලා. විශේෂයෙන්ම Dr.ආටිගල madam ට සහ Dr.දිල්ෂානි madam ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඇත්තටම මුළු academic staff එකම උදවු කලා final year research වලට. ඒ සියළුදෙනාම මතක් කරන්න ඕනෑ. මාත් ලොකු කාලයක් ලොකු කැපවීමකින් වැඩ කලා.
Q10.Final year research එකට හොඳ මාතෘකාවක් හොයගන්න එක ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මුහුන දෙන ගැටළුවක්.Final year research එකට මාතෘකාවක් හොයාගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු මොනවද?
කල් ඇතුව research එකට topic එකක් හොයන්න පටන් ගන්න ඕනෑ. අන්තිම මොහොත වෙනකම් හිටියම හොඳ topic එකක් හොයන්න හරිම අමාරුයි. කළින් අවුරුදුවල thesis ගන්න පුළුවන් department එකෙන්. ඒවා කියවලා තමන් කැමති research area එකක් තියනවා නම් ඒ ගැන වැඩිපුර හොයලා බලලා ඒ research එකෙන් topic එකක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් lecturers ලා එක්ක කතාකරලත් හොඳ topic එකක් හොයාගන්න පුළුවන්. තමන් හොයාගත්ත topic එකක් ගැන වුනත් lecturersලා එක්ක කතාකරලා බලලා අදහස් ගන්න එක ගොඩක් වැදගත්.
Q11.මම මෙහෙම ඇහුවොත්…කොහොමද Final year research එක හොඳම විදියට කරන්නේ?
වැදගත්ම දේ තමයි මට බෑ කියන චේතනාවෙන් ඉන්නේ නැතුව වැඩ කරන එක. ගොඩක් වෙලාවට research එක කරන්න වෙන්නේ අපිට අළුත්ම topic එකක් යටතේ වෙන්න පුළුවන්. ඒ ගැන කලින් ඉගෙන ගෙන නැති වෙන්න පුළුවන්. අදාල දේවල් කියවලා දැනුම ලබාගන්න ඕනෑ. Supervisor එක්ක හරි lecturersලා එක්ක හරි කතාකරලා අදහස් අරගෙන වැඩකරන්න ඕනෑ. Research එක කරන එක වගේම thesis එක නිවැරදිව ලියන එකත් ගොඩක් වැදගත්. කළින් අවුරුදු වල thesis කීපයක් කියවලා thesis එකක් ලියන හැටි ගැන අවබෝධයක් අරගෙන thesis එක ලියන්න ඕනෑ. Research එක කරන ගමන් thesis එකේ ලියන්න පුළුවන් ඒවා කොටසින් කොටස ලියන්න පුළුවන්. ඒ විදියට කරන එක research එක ඉවර කරලා thesis එක ලියනවට වඩා හරිම පහසුයි වගේම ඒ විදියෙන් හොඳ thesis එකක් ලියන්නත් පුළුවන්.
Q12.විශ්වවිද්‍යාලයේදි කරපු බාහිර වැඩ සහ ලබාගත්ත අනෙක් ජයග්‍රහණ ගැන මතක් කළොත්?
1,2 වසර වලදී මම chess team එකේ සාමාජිකාවක් වෙලා හිටියා. 2012 දි අපේ team එක inter university chess champion වුනා. ඊට අමතරව මම choir එකේ සාමජිකාවක්. Statistics department එකේ stat circle එකේ assistant secretary විදියට කටයුතු කලා 3 වෙනි වසරේ ඉන්න කාලේ. ඊට පස්සේ 4 වෙනි වසරෙදි secretary විදියටත් කටයුතු කලා. Stat circle එකෙන් 2015 දි කරපු stat day එක සාර්ථකව කරන්න අපිට පුළුවන් වුනා.
Q13.විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ජීවිතයට බාහිර කටයුතුවල වැදගත්කම කොහොමද දකින්නේ?
අනිවාර්යයෙන්ම වැදගත්. අධ්‍යාපන කටයුතු වගේම බාහිර කටයුතුත් සමබරව කරගෙන ගියොත් තමයි සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්.ඒ වගේම බාහිර කටයුතු නිසා ජීවිතයට හොඳ relaxation එකක් ලැබෙනවා. Team events වලදි හොඳ යාළුවෝ අපේ ජීවිතයට එකතු වෙනවා. ජිවිතයේ නොයෙකුත් ගුණාංග වර්ධනයටත් බාහිර කටයුතු වලින් ලොකු රුකුලක් ලැබෙනවා. උදාහරනයක් විදියට කියනවා නම් මම chess කරපු එකෙන් ආතතියක් යටතේ හොඳට වැඩ කරන්න පුරුදු වුනා.
Q14.අනාගත බලාපොරොත්තුත් ගොඩක් අතිනේ. ඒ ගැන කිවුවොත්?
දැනට නම් තියන ලොකුම බලාපොරොත්තුව Ph.D.එකක් කරන එක. ඕස්ට්‍රේලියාවේ හරි ඇමෙරිකාවේ හරි Ph.D. එකකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. Scholarships කීපයක් ලැබිලත් තියනවා. සුදුසු එකක් තෝරගෙන යන්න Ph.D.එකකට යන්නයි හිතාගෙන ඉන්නේ.

Q15.මේ වගේ සුවිශේෂී තැනකට එන්න උදවු කරපු අයත් ගොඩක් ඇති. ඒ අයවත් මතක් කරමු.
මුලින්ම මතක් කරන්න ඕනෑ අම්මායි තාත්තායි. A/L ප්‍රථිඵල ආවම තාත්තා තමයි මාව motivate කලේ කොළඹ විශ්වවිද්‍යාලයයට එන්න. නංගි ගොඩක් උදවු කලා විභාග කාලවලදි. එකට පාඩම් කරපු යාළුවෝ, විශේෂයෙන්ම statistics department එකේ මාත් එක්ක special degree කරපු 30 දෙනාම මතක් කරන්න ඕනෑ.department එකේ lecturers ලා ට ඒ වගේම අධ්‍යාපන කටයුතු වලටයි කටයුතු වලටයි උදවු කරපු සියළු දෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
Q16.අවසාන වශයෙන් අපිට කියන්නකො තවම විශ්වවිද්‍යාලයයේ අධ්‍යයන කටයුතු කරන අපේ සොයුරු සොයුරියන්ට කියන්න තියෙන්නේ මොනවද කියලා.
විශ්වවිද්‍යාලයයට එනකොට හැමෝම ලොකු අරමුණකින් එනවා. ඒත් ඇවිත් ටික කාලෙකින් එක එක බාහිර කටයුතු නිසා සමහර අයගේ ඒ අරමුණු වෙනස් වෙනවා. ඒ විදියට තමන්ගේ අරමුණු වෙනස් කරගන්නේ නැතුව විශ්වවිද්‍යාලයයට එනකොට තිබුන අරමුණු වෙනුවෙන් විශ්වවිද්‍යාලයයට ආවට පස්සේ දිගටම ලොකු කැපවීමකින් වැඩ කරන්න. අධ්‍යාපන කටයුතු වගේම බාහිර වැඩ සමබරව කරගෙන යන්න. එතකොට විශ්වවිද්‍යාලයය අමිහිරි අත්දැකීම් නැතුව මිහිරි අත්දැකීම් වලින් පිරුනු ස්ථානයක් කරගන්න පුළුවන්.
කොළඹ විශ්වවිද්‍යාලයයේ සංඛ්‍යානය අධ්‍යයන අංශයෙන්, සංඛ්‍යානය විශේෂ උපාධිධාරීන් වෙනුවෙන් පිරිනමන පදක්කම් දෙකම ලබාගැනීමේ ජයග්‍රහණය වෙනුවෙන් Colombo Beacon අපිත් තර්කේශි අක්කාට අපගේ සුභපැතුම් එක්කරන අතර ඇයගේ බලාපොරොත්තු සැබෑ වේවා යි ප්‍රාර්ථනා කරමු.
ඡායාරූප – සහස් ඉන්ද්‍රචාප , ඉරෝෂ් එරංග
විද්‍යා පීඨය – පළමු වසර.
Leave a Comment