ලොවෙන් එකෙකු එක් දෙයකට වෙයි සමත…

පසු ගිය සති කිහිපයක් පුරාවට කොළඹ විශ්වවිද්‍යාලය මගින් ප්‍රදානය කරනු ලබන රන් පදක්කම් හිමිකරගත් සොයුරු සොයුරියන් සමග Colombo Beacon අපි සොඳුරු කථා බහ ගෙනහැර පෑවා…. එහි තවත් පියවරක් ලෙස අද අපත් සමඟ දොඩමලු වූයේ කොළඹ විශ්වවිද්‍යාලයයේ සංඛ්‍යානය සහ පරිඝනක විද්‍යා විශේෂ උපාධිධාරිනියක වූ “මනූශි විජේපාල“ අක්කායි…
හොදම දක්ෂතාවය වෙනුවෙන් පිරිනමන Prof. V. K. සමරණායක රන් සම්මානයත්, Best research project එක සඳහා පිරිනමන රන් සම්මානයත් හිමිකර ගැනීමේ භාග්‍යයයට උරුකම් කියන්නට මනූශි අක්කාට හැකියාව ලැබුනා.
ඇය අපත් සමඟ අදහස් බෙදා ගත්තේ මෙලෙසිනුයි…
Q1. මුලින්ම අක්කාගෙ පාසල සහ පවුලෙ විස්තර ටිකක් කියමු…
මම මුලින්ම ගියෙ හොරණ තක්ශිලා කණිෂ්ඨ විද්‍යාලයට, ඉන්පසු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු දේවි බාලිකා විද්‍යාලයට ඇතුල් වුණා. උසස් පෙළ දක්වා ගියෙ දේවි බාලිකා විද්‍යාලයටයි.
මගෙ පවුලෙ විස්තර කියනව නම් මට ඉන්නෙ අයියලා දෙන්නයි, අක්කයි. අයියලා දෙන්නම Engineering කලේ. දැන් ලොකු අයියා පරිපාලන සේවයේ රැකියාවක් කරනවා. පොඩි අයියා tuition කරනවා. අක්කා වෛද්‍යවරියක්.
Q2. අක්කා කරපු special degree එක මොකක්ද?
මම degrees දෙකක් කලා. එකක් science faculty එකයි සහ USCS එකයි දෙකම join වෙලා කරන “Statistics with computer science” special degree එක. අනිත් එක UCSC එකේ BIT external degree එක. Degree දෙකේම batch top වෙන්න මට පුලුවන් වුනා.

Q3. Statistics with computer science special degree එක තෝරගන්න විශේෂ හේතුවක් හෝ කැමැත්තක් තිබුණද?
ඔව් ඇත්තටම පොඩි කාලෙ ඉදන්ම මං computer science පැත්තට ගොඩක් ආසයි. මං A/L ලිව්වෙත් UCSC එකේ computer science engineering කරන්න හිතාගෙන. ඒත් ඒකට යන්න බැරි වුනා. ඒත් අද මං බලාපොරොත්තු වුන තැනට කොහොමහරි එන්න පුලුවන් වුනා. ඉතින් මං “Statistics with computer science”තෝර ගත්තෙත් අනිත් degreesවලට සාපේක්ෂව වැඩිපුරම computer science part එක තියෙන හින්දයි. ඒ වගේම statistic පැත්තට ආසයි. මොකද දැන් ලෝකෙ වැඩිපුරම භාවිතා වන පැත්තක් තමයි statistic with computer science පැත්ත. ඒ දෙකේ combination එකට ලොකු පිළිගැනීමක් තියෙනවා.
Q4. කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වීම ගැන මොකද හිතෙන්නෙ? ගොඩක් අය කියන දෙයක් තමයි අනිත් විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව කොළඹ විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට විතරක් සීමා වුනු, විශ්වවිද්‍යාල සුන්දරත්වයෙන් ඈත් වුනු විශ්වවිද්‍යාලයක් කියල? ඉතින් ඒ ගැන මොකද හිතෙන්නෙ?
ඔව්, ගොඩක් අයගෙ එහෙම අදහසක් නම් තියෙනව තමයි. ඒත් කොළඹ විශ්වවිද්‍යාලය කියන්නෙ world ratingsවලින් අංක 1 ඉන්න විශ්වවිද්‍යාලයක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණීම ලොකු භාග්‍යක් කියලයි මං හිතන්නෙ.
Q5. අක්කා campus එකේදි බාහිර ක්‍රියාකාරකම්වල යෙදුනද?
Degrees දෙකක් කරපු හින්දා degrees දෙකේම exam set වෙන්නෙ එකම කාලෙට. ඒ හින්දා campus එක ඇතුලෙ නම් බාහිර ක්‍රියාකාරකම්වල ගොඩක් යෙදෙන්න හම්බුනේ නෑ. ඒත් stat circle එකේ හිටියා. ඒ වගේම events organizing වගේ දේවල් කලා. ඒ වගේම මම මගේ පාසලේ( දේවි බාලිකා විද්‍යාලයේ) කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ vice precident විදිහට කටයුතු කලා. ඒකෙන් ගොඩක් school development projects එහෙම කලා. හැබැයි මං පාසල් කාලෙ නම් ගොඩක් බාහිර වැඩ කලා. බාහිර වැඩ විතරමයි කලේ.(සිනාසෙමින්)
Q6. ඔබ හිතන්නේ බාහිර දේවල් වලින් අධ්‍යාපනයට මොන වගේ බලපෑමක්ද වෙන්නෙ?
ඇත්තටම පාසල් කාලෙ ඉදන්ම මට ලොකු පන්නරයක් වුනා බාහිර දේවල් කරන එක. campus එකේ නම් degrees දෙකක් කරද්දි සමහර කාලවල මං හරිම පීඩනයෙන් හිටියෙ. ගොඩක් වෙලාවට මට degree දෙකෙන් එකක් අත අරින්නත් හිතුනා. ඒත් එහෙම කරන්නෙ නැතුව පීඩනේ දරාගන්න මට පුලුවන් වුනේ බාහිර ක්‍රියාකාරකම් කරද්දි ඒකෙන් ලැබුන සතුට සහ දිරිගැන්වීම නිසයි. ඇත්තටම මගේ විශ්වාසය නම් බාහිර ක්‍රියාකාරකම් නිසා අධ්‍යාපනයට ලොකු උපකාරයක් මිසක් කවදාවත් බාධාවක් වෙන්නෙ නෑ.
Q7. දිවයිනේ ඉන්න දක්ෂයින් පිරිසක් ඇතුල් වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ෂයින් අතර අතිදක්ෂයෙක් වෙන එක පහසු දෙයක් නොවෙයි. ඔබ කිව්වා degree දෙකේම batch top ඔබ කියලා. ඉතින් හැම දේම සමබරව කරගෙන GPA එක ඉහල අගයක පවත්වගත්තෙ කොහොමද?
ඇත්තටම මං පාඩම් කරන්න නම් කම්මැලියි. campus එකේ මුලින්ම subjects තෝර ගැනීමේදිත් P6 combination (pure maths, applied maths, cs, stat) එක තෝර ගත්තෙත් ඒ හින්දමයි.(සිනාසෙමින්) එදා වැඩේ එදාම පාඩම් කරන පුරුද්දකුත් මට නෑ. මං exam කාලෙට තමයි වැඩ කලේ. exam කාලෙ කියන්නෙ ඉතින් මං හරිම පීඩනයෙන් ඉන්න කාලයක්. නිදියගන්න පැය ගාන ගොඩක් අඩුයි ඒ කාලෙට. ඒත් කොහොම හරි ඉතින් ඒ සති දෙක තුනේ තමයි පාඩම් කලේ. exam target කරගෙන පුලුවන් උපරිමයෙන් ඒ කාලෙට නම් මහන්සි වෙනවා. pass papers කරනවා. මට කලින් පාඩම් කලා කියල කිසිම තේරුමක් නෑ. exam කාලෙට පාඩම් කරන ටික තමයි මට මතක හිටියේ. හැබැයි හැමෝටම මේ ක්‍රමය හරියන්නෙ නෑ. සමහර අයට එදිනෙදා වැඩ එදිනෙදා කරන්න ඕනා. මට ටිකක් ඉක්මන්ට උගන්වන වෙලාවට ඒ දේ අවබෝධ වෙනවා. ඒ හින්දා මේ ක්‍රමය තමයි මට හරි ගියෙ.
Q8. උපාධි ප්‍රදානෝත්සවයේදි medal එකක් ලැබෙයි කියල හිතුවද? medals දෙකක් එකපාර ලබාගද්දි මොන වගේ හැගීමක්ද ඇතිවුනේ?
ඔව්. batch top නිසා ඒකට medal එක ලැබෙයි කියල හිතුවා. ඒත් research එකට ලැබෙයි කියල හිතුවෙ නෑ. ඒ දෙකටම medals ලැබුනු එකට නම් ගොඩක් සතුටුයි. medals ගන්න වෙලාවෙදි කියාගන්න බැරි තරම් ලොකු සතුටක් ඇති වුනා. කොහොමහරි කැපවීමෙන්, පීඩනය දරාගෙන වැඩ කිරීමේ උත්සහයෙ ප්‍රතිඵල මල් පල ගැන්වුනා කියල මං හිතනවා.

Q9. Best research project එකට medal එකක් ලබා ගන්නවා කියන්නෙ ගොඩක් අමාරු දෙයක්. research එක කරද්දි ගොඩක් කැපවීම් කරන්න ඇති. research එකට මාතෘකාවක් තෝර ගත්තෙ කොහොමද සහ research එක ගැනත් කතා කරමු.
මාතෘකාව විදිහට මං තෝරගත්තෙ “machine learning”. ඒක මං ආස field එකක්. ඇත්තටම මාතෘකාවක් තීරණය කරගන්නම මට මාස 3,4 ක් ගතවුනා. මුලින් මොකක් කරන්නද කියල අදහසක් තිබුනෙ නෑ. ගොඩක් research පිලිබඳ articles එහෙම කියවල තමයි මං මාතෘකාවක් තෝරගත්තේ. හරියටම මං research එකට කැප කලේ මාස 5ක්, 6ක් වගේ කාලයක්. ඒ මාස 5,6 ඇතුලත මම ගොඩක් research articles කියවලා, research එකට අදාල videos බලලා ලොකු දැනුමක් ලබා ගත්තා. exam එකට පොඩි කාලයක් මහන්සි වුනාට research එකට නම් මං ආසාව නිසාම ගොඩක් මහන්සි වුනා. මුලින් පටන් ගත්තු ගමන් නම් ආස හිතුනෙ නෑ. ඒත් කරගෙන යනකොට මට ලොකු ආසාවක් ඇති වුනා. ප්‍රශ්න ආවහම lecturersලාගෙන් උපදෙස් ගත්තා. lecturersලා ගොඩක් උදව් කලා. විශේෂයෙන් මතක් කරන්න ඕන cs department එකේ HL ප්‍රේමරත්න sir,
stat department එකේ ඉමාලි ජයමාන්න madam, UCSC එකේ අජන්ත sir ඇතුලු සියලුම lecturersලා, stat department එකේ සියලුම lecturersලා ගොඩක් උදව් කලා. හැම දේටම වඩා මං ගොඩක් තනියම reserch එක වෙනුවෙන් නම් මහන්සි වුනා.
Q10. 3rd yearsලට මොකක්ද research එකට මාතෘකාවක් තෝරගද්දි දෙන්න තියෙන උපදෙස?
මුලින්ම අපි මාතෘකාවක් තෝරගන්න කලින් අපි කැමති area එකක් තෝරගන්න ඕනා. ගොඩක් වෙලාවට අපිට data set හොයාගන්න ඕනා. සමහර වෙලාවට ගැලපෙන data set හොයාගන්න නැති වෙනව. උපදෙස් ගන්න අයත් ඉන්න ඕනා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ හින්දා research එක කරන්න කලින් අවශ්‍යය resources තියෙනවද කියලා අවබෝධ කරන් ඉන්න ඕනා. මට නම් වාසනාව ලැබුනා statistics department එකෙන් data set එකක් හොයාගන්න. අපි research එක කරනකොට එකේ අලුත් බවක්, වෙනසක් තියෙන්න ඕනා. කවුරුත් කරපු දෙයක් research එකක් නෙමේනෙ. ඒ නිසා ගොඩක් articles කියවන්න ඕනා. ලෝකෙ කවුරුත්ම කරල නැති දෙයක් වෙන්න ඕනෙ නෑ. ඒත් copy කරන්නෙ නැතුව අපේ දෙයක් කරන්න ඕනා. හරියට objects අවබෝධ කරගෙන මාතෘකාවක් තෝරගන්න ඕනා.

Q11. අක්ක කරපු research එකෙන් උසස් අධ්‍යාපනයට මොන වගේ පිටිවහලක් ලැබෙනවද?
උසස් අධ්‍යාපනයට මගේ ලොකූ කැමැත්තක් නෑ. ඒකට හේතුවක් තමයි research කරන්න ආස වුනාට thesis ලියන්න ආස නෑ. ඒ නිසා දැනට එහෙම දෙයක් හිතුවෙ නෑ. මං දැනට මාලඹේ “Millenium IT” එකේ software engineer කෙනෙක් විදිහට රැකියාව කරනවා. මං research එක කරද්දි ඇත්තටම උසස් අධ්‍යාපනය ගැන සහ research එකෙන් ඒකට ලැබෙන උපකාරය ගැන හිතුවෙ නෑ. ඒත් machine learning කියන්නේ වේගයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් නිසා උසස් අධ්‍යාපනයට apply කලොත් මට අවස්ථාව ලැබෙයි. ඒත් දැනට උසස් අධ්‍යාපනයට විශේෂ ආසාවක් නෑ. ඒත් උසස් අධ්‍යාපනයට කරන්න කැමති කෙනෙක් නම් research එක කරන්න කලින් ඒක ගැනත් හිතනව නම් හොඳයි.
Q12.”Statistics with computer science” degree එකට දේශීය සහ විදේශීය රැකියා වෙළඳ පොළ මොන වගේද?
ඇමරිකාව වගේ රටවල් වල ලොකුම demand එකක් තියෙන field එකක් තමයි data science සහ machine learning කියන්නේ. ඒ දෙකට අයිති subjects දෙක තමයි statistic සහ computer science .ඉතින් විදේශීය රටවල්වල නම් ඉහලම demand එකක් තියෙනවා. මං දන්න තරමින් ලංකාවෙ මේ field එකට වෙනමම රැකියා අවස්ථා දැනට ගොඩාක්ම නෑ. ඒත් ටිකෙන් ටික මේ field එකට අදාල companies ගනන එහෙම වැඩි වෙනවා. අනාගතේදී හොඳ රැකියා වෙළඳ පොළක් බිහිවේවි.
Q13. අක්කගේ ජීවිතයේ මෙතෙක් ලබපු ජයග්‍රහණවලට අත හිත දුන්න සහ ස්තූති කරන්න ඉන්න පිරිසවත් මතක් කරමු.
මගේ පාසල් දෙක මතක් කරන්න ඕනා. හොරණ තික්ෂිලා විද්‍යාලයත්, දේවි බාලිකා විද්‍යාලයත්. පාසලෙන් ලැබුනු පන්නරය නිසා මට ඕනම දෙයක් දරාගන්න ලැබුන සහ මට අරමුණට යන්න පුලුවන් වුනා.
මම කලින් මතක් කරපු research එක හදන්න උදවු වුන හැමකෙනෙක්වමත් නැවත මතක් කරනවා.
ඒ වගේම මගෙ දෙමවුපියො. මගෙ යාලුවන්ට, හොඳම යාලුවා හසංකට සහ මට උදව් කරපු අයටත්, මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.

Q14. අවසාන වශයෙන් විශ්වවිද්‍යාලයේ ඉන්න නංගිලා, මල්ලිලාට දෙන්න තියෙන උපදෙස මොකක්ද?
ජීවිතයේ සුන්දර කාලෙ පාසල් කාලෙ සහ විශ්වවිද්‍යාල ජීවිතෙ. දැන් පාසල් කාලෙ ඉවරයි. ඉතින් ජීවිතෙ විදින්න තියෙන හොඳම කාලෙ ජීවිතෙ පුලුවන් උපරිමයෙන් විදින්න. exam කාලෙ හොඳට වැඩ කරලා පුලුවන් උපරිම හොඳට exam කරගන්න. pass papers කරන්න ඒක ගොඩක් වැදගත්. තමන්ගේ අරමුණ අමතක නොකර කොහොමහරි එතනට යන්න උත්සහ කරන්න. මේ වගේ ලස්සන කාලයක් අයෙත් කවදාවත් එන්නෙ නැති වෙන්න පුලුවන් ඉතින් හැම දේම සමබරව කරගන්න.
ඉදින් මනූශි අක්කත් සමඟ අප කල කතා බහ මෙසේ අවසන් කරද්දී, අක්කාගේ සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා, ජයග්‍රහණයේ හිනිපෙත්තටම ගමන් කරන්නට අවශ්‍යය ශක්තිය ධෛර්යය ලැබේවායි Colombo Beacon අපි ප්‍රාර්ථනා කරනවා….
Leave a Comment