එකම හීනයක් ,එකම බලාපොරොත්තුවක් ,එකම අරමුණක් අරං රටේ හතරදිග්භාගෙන්ම කොළොම්පුරේ මේ සුන්දර ඉසව්ව ,අපේ නවාතැන ,කොළඹ සරසවියේ පීඨ දහයක් සදහා කෝඩුකාරයන් දැනටමත් පැමිණ අවසන්.ඒ හිත් පුරාම අරක් ගෙන තියන ජීවිතය ජය ගන්නා හීනයත් ජීවිතය විදින හීනයත් හැබෑ කර ගන්න කොළඹ සරසවියනම් හොදම තෝතැන්නක් .
ඉතිං සරසවියේ කෝඩුකාරයන්ට ජීවිතේ විදින ගමන් ජීවිතේ ජය ගන්න කොළඹ සරසවියේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් , ඒකාබද්ධ ක්‍රීඩා සමජයත් එක්ව සංවිධානය කරන නවකයගේ ක්‍රීඩා උළෙල අති සාර්ථක ලෙස පසුගියදා නිම විය.විද්‍යා පීඨය ,වෛද්‍ය පීඨය ,කළමනාකරණය හා මූල්‍ය පීඨය ,ශාස්ත්‍ර පීඨය ,නීති පීඨය ,කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනාංශය,ශ්‍රීපාලී මණ්ඩපය සහ දේශීය වෛද්‍ය විද්‍යාතනය සහභාහීත්වයෙන් පසුගිය වසර වල පැවති නවකයන්ගේ ක්‍රීඩා උළෙල මෙවර තවත් උණුසුම් වූයේ ඔවුන් සමග කරට කර තරග වැදීමට එකතු වූ අලුත්ම සාමාජිකයන් දෙදෙනකු නිසයි .ඒ විශ්ව විද්‍යාලයට අලුතින් එකතු වූ හෙද පීඨය හා තාක්ෂණ පීඨයයි.
නිවාඩු දිනයන්හීද විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පුහුණු වීම් වල නිරත වන නවකයන් දුටු විට මට නම් හැගුනේ freshers ක්‍රීඩා උළෙලකටත් වඩා freshers නවකයන්ට උන්මාදයක් වී තිබූ බවයි .සමාප්ති උළෙල දිනයදී ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයෙන් අඩක්ම රක්ත වර්ණ කෙරූ රතු ඇදුමින් සැරසුණු විද්‍යා පීඨ සහෝදර සහෝදරියන්ද, ක්‍රීඩා තරග නරඹන විට අහන්නට දකින්නට ලැබුණු කන් බිහිරි කරවන තරම් එකකට එකක් නොපරදින ප්‍රේක්ෂක ජය ගෝෂාද එය උන්මාදයක්ම බව තහවුරු කරන්නට කදිම නිදසුන් විය.
බාධක රැසක් අතරින් ආරම්භ වූ ක්‍රීඩා උළෙලේ
ටෙනිස් ,කැරම්,පැසිපන්දු ,පාපන්දු ,එල්ලේ , තයිකොන්ඩෝ, බැඩ්මින්ටන් ,ක්‍රිකට් ,මේස පන්දු ,ස්ක්‍රැබල්, හා ඔරු පැදීම යන ක්‍රීඩා වල කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම ප්‍රතිඵල අනුව සමස්ථ ශූරතා විද්‍යා පීඨයටත්
හොකී ,ක්‍රිකට් ,දැල් පන්දු ,කරාටේ ,රගර් ,බර එසවීම,පිහිනීම හා ජවන හා පිටිය ක්‍රීඩා වල කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම ප්‍රතිඵල අනුව සමස්ථ ශූරතා කළමනාකරණය හා මූල්‍ය පීඨයටත්
මල්ලව පොර ,බැඩ්මින්ටන් හා චෙස් තරග වල කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම ප්‍රතිඵල අනුව සමස්ථ ශූරතා කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනාංශයටත්
අත්පන්දු කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම ප්‍රතිඵල අනුව සමස්ථ ශූරතාවය සම ශූරතාවයක් ලෙස ශාස්ත්‍ර පීඨය හා තාක්ෂණ පීඨයටත් හිමි විය.
ඒ වගේම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කිරුළ කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනාංශයේ තිලාරා ඒකනායක සහෝදරිය හිමි කර ගන්නා විට දක්ෂතම ක්‍රීඩකයා කිරුළ ශාස්ත්‍ර පීඨයේ ආර්.එම්.නිෆ්‍රාස් සහෝදරයා හිමි කර ගන්නේ අවුරුදු 44 ක් පැරණි 800m දුර දිවීමේ තරගයේ වාර්තාව බිද හෙළමින් බව මා මෙහි සදහන් කරන්නේ ආඩම්බරයෙනි .
ක්‍රිකට් අත්පන්දු බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා වල සම ශූරතා තිබීම නවකයන්ගේ තරගකාරීත්වය මනාව පෙන්නුම් කරයි.ඒ වගේම එල්ලේ, දැල් පන්දු, රගර් ,ක්‍රිකට් ,හා දිවීමේ ඉසව් වැනි තරග නැරඹූවන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරගකාරීත්වය පිළිබඳ මා මෙහි සදහන් කිරිමත් අනවශ්‍ය දෙයක් බවනම් නොඅනුමානයි .

සහෝදරත්වය සමගිය එකමුතු බව කණ්ඩායම් හැගීම් වර්ධනය කරමින් තරග්කාරීත්වය තුළින් තරුණ ජවය පෙන්නුම් කරමින් පුරා මාසයකටත් වඩා සියල්ලන් කැපවුණු ,සියලු දෙනා තම පීඨයට රැගෙන යාමට හීන දැකපු ඒ කිරුළ ඒ අභිමානය, අවසනයේ විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනය දෙදරවන තරමට ඇසුණු ජය ගෝෂාවක් මද්දේ පිට පිට තෙවන වරටත් තම පීඨයට සතු කර ගැනීමට විද්‍යා පීඨ සිසුන්ට හැකි විය.ඒ වගේම ජය ගෝෂා මද්දේ සමස්ත අනු ශූරතාවය කළමනාකරණය හා මූල්‍ය පීඨයටත් සමස්ත ක්‍රීඩා උළෙලේ තෙවන ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනාංශයටත් හිමි විය.

පීඨ වශයෙන් බෙදී පුරා මාසයකටත් අධික කාලයක් තරග කරත් වෙන වෙනම තම පීඨයේ සහෝදර සහෝදරියන්ට ජය ගෝෂා නැගුවත් ඔවුන් එකම සරසවි මවකගේ දරුවන් බව පසක් කරන්නට ක්‍රීඩා උළෙලේ සාමාප්ති උත්සවය පමණක් ප්‍රමාණවත් වූයේ දක්ෂතම ක්‍රීඩකයා වූ නිෆ්‍රාස් සහෝදරයා තම කිරුළ ලබා ගද්දී සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා මුළු ප්‍රේක්ෂකාගාරම තම අසුන් වලින් නැගිට ඔහුට දැක්වූ ආචාරය නිසයි.
සමස්ථ කාන්තා ශූරතාවය සමස්ථ පිරිමි ශූරතාවය සමගින් ක්‍රීඩා උළෙලේ සමස්ථ ශූරතාවය දිනාගත් විද්‍යා පීඨ සහෝදර සහෝදරියන්ටත් ක්‍රීඩා තරග වලින් ජය ලැබූ ,සහභාගි වූ සියලුම පීඨ වල සහෝදර සහෝදරියන්ටත් Colombo Beacon අපගේ සුභ පැතුම් .
එදා එලෙස වෙන වෙනම කණ්ඩායම් වලින් තරග වැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තව නොබෝ දිනකින් එකම කණ්ඩායමක සහෝදර සහෝදරියන් ලෙස තම සරසවි මාතාව වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ එක්ව තරග වැද කොළඹ විශ්ව විද්‍යාලීය නාමය තවත් බබලවනු ඇත.
Leave a Comment