නිසදැස්

කෝඩුකාරයෝ

හිතට සතුටක් ගතට සිසිලක් උතුම් හැඟුමන් පිබිදුනා…
රැයේ සීතල දසත අදුරින් වෙලා ගනිමින් පැවතුනා…
නමුදු ගණදුරු මකාලන්නට දසත කලඑළි ගැන්වුනා…
සීත හිමයට පියනගන්නට පැතූ පැතුමන් ඉටුවුනා…

සීත ගඟුලේ සීත දිය රැල් සිනා සීලා කී නිසා…
මුව දොවායින් පේ වුනේ අප මැකෙන්නට සියලුම දොසා…
කෝඩුකාරයි එදා මම නම් අතේ පඬුරක් ගැටගසා…
සුදු වතින් සැරසී බුදුන් වැඳ නෙතු යොමුවේ ඒ හිම දෙසා…

ඈත හිමයට යොමන විට නෙතු සාදු කියමින් සැමදෙනා…
සිත්කලුයි දුටු නෙත් පිනයි එය විදුලි රැස් එලි පැතිරුනා…
කවි ගයා තුන් සරණෙ කියමින් කරයි කරුණා සැමදෙනා…
නගින බසිනා අයද නිතැතින් සුහද වී දොඩමළු වුනා…

නිශා අදුරින් සිහිල් සුළඟින් ගතේ වෙහෙසත් දුරුවුණා…
නගින නගිනා පියගැටක් මත සිතට සතුටක් එක්වුණා…
රැයේ මැදියම ගෙවීගොස් ඇත අලුයමට මලුවට වුනා…
උතුම් සිරිපා වැඳ ගතිමි මා සාදු සාදූ වන්දනා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

බුද්ධිමා ලක්චානි

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment