දැනුම

කෝමාරිකා

Colombo Beacon ‘සුව ධරණි’ චාරිකාවේ බොහෝ නවාතැන්පළවල් අප පසු කර අවසානයි. අතුපතර සිසාරා වැඩෙන ශාකයන්, එසේත් නැතිනම් වල් පැළෑටි ලෙස හෝ වන ශාකයක් ලෙස සෑදෙන ඖෂධීය ගුණයෙන් යුත් ශාක ගැන අපි විස්තර ගෙන ආවෙමු.

අද ‘සුව ධරණි’ ගමන් මගෙහි නවාතැන්පල වන්නේ නාගරික, ග්‍රාමීය ඕනෑම නිවසක දක්නට ලැබෙන කෝමාරිකා ශාකයයි.

කෝමාරිකා

උද්භිද නාමය :- Aloe vera
ඉංග්‍රීසි නාමය :- Aloe Plant

ශාකය හඳුන්වාදීමේ දී ම භාවිතා කළ පරිදි කෝමාරිකා යනු නාගරික, ග්‍රාමීය ඕනෑම ප්‍රදේශයක දක්නට ලැබෙන ශාකයකි. එසේත් නැතිනම් ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන ශාක පැළෑටියකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වියළි ප්‍රදේශවල සරුවට වැවෙන ශාකයකි. වර්තමානයේ දී කෝමාරිකා යනු වාණිජ ශාකයකි. බොහෝ දෙනා ස්වයං රැකියාවක් ලෙස කෝමාරිකා වගාව ආරම්භ කර තිබීම මෙයට හේතුවයි.

ඉතා කෙටි, ඝන, සරල කඳකි. පැළෑටියේ පත්‍ර ක්‍රමයෙන් මුල සිට සිහින් වේ. පත්‍ර මාංසලය. විශාල ගණනක් දක්නට ලැබේ. පත්‍ර ළා කොළ පාට වන අතර තැනින් තැන සුදු ලප සහිතයි. මුවහත් කටු සහිතයි. පත්‍ර කෙරවල තුඩක් සහිත ය.

පුෂ්පය කෙලින් සෑදේ. පුෂ්ප මංජරියක් තුළ හටගනී. ගෙඩි දක්නට නොලැබේ.

කෝමාරිකා ශාකයේ නිජබිම වන්නේ අප්‍රිකාවයි. ඝර්ම කලාපයේ රටවල කෝමාරිකා ශාකය ව්‍යාප්තව ගොස් ඇත.

පිළිස්සුම් රෝගවල දී ගෘහ ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිතා කරයි.

ආමාශයට හිතකර ගුණ ඇති නිසා ආමාශයේ ආබාධ වලට ඉතා ගුණදායී ඖෂධයකි. කෝමාරිකා මුත්‍ර රෝග සඳහා අමෘතය බඳුය.

අක්මාවේ සහ පිලාවේ රෝගවල දී කෝමාරිකා ව්‍යංජනයක් ලෙස සකසා දීම දක්නට ලැබේ. සෙංගමාලයේ දී කෝමාරිකා කැඳක් ලෙස සකසා දීම සිදු කරයි.

බඩ පුරවා දැමීමට සහ කාන්තාවන්ගේ ඔසප් පිළිබඳ රෝග සඳහා ද ඖෂධයක් ලෙස කෝමාරිකා යොදා ගනියි. තව ද මලබද්ධයට, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට කෝමාරිකා ඖෂධයක් ලෙස යොදා ගත හැක.

කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, මුඛ රෝග ආදී බොහෝ රෝග සඳහා කෝමාරිකා යොදා ගනී.

රූපලාවණ්‍ය කටයුතු සඳහා කෝමාරිකා යනු නැතුවම බැරි දෙයකි. සබන්, ආලේපන ආදිය තනා ගැනීමට කෝමාරිකා බහුලව යොදා ගනී.

කැලැල් නැති කිරීමට කෝමාරිකා ආලේපනය කිරීම බහුලව දක්නට ලැබෙන අතර එහි ප්‍රතිඵල ද විශිෂ්ට ය.

මූලාශ්‍ර :- දේශීය ආයුර්වේද විද්‍යායතනයේ ප්‍රකාශනයක් ඇසුරෙනි

Design by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment