ආදරය නිසදැස්

කෝල අඟන

රූ නාර ඇගෙ ළැමය කෝල
බලා උන් දෑස මා සිත් බැන්ද
නන්දන කාල දිග කෙස් වැටිය
මනකල ලෝල හද ගැස්සීය

ශෘංගාර ඇගෙ නෙත් පෑව
ආල වරුණාව මා සිහි වූව
දෙඅතත් ශ්වේත නිය රූ පෑව
ඈ නම් සුරගනක්‍ ය දෙව්බඹු මැව්ව

පොට සාරි හැඩ වේය නෙරි ඉනට ඇන්ද
මා දෙඅත ඉන වටට කෝලෙන් ම පෑව
කුංකුම පුයර ගත සුවඳ මා මත්ව බැඳුන
අඟනකිය, මේ ස්වප්නයකි අයියෝ මා දුටුව

ඩිලාන් චානුක තේනුවර
තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඩිලාන් චානුක

දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment