නිසදැස්

ඛේදවාචකයක්

සිටියා නිදහසේ අපි මහ                      කැලය තුළ
කන්නට තිබුනා පලතුරු රස අහර            හොඳ
පහළ වැවෙන් දිය නෑවා                           හැමදාම
අපි සිටියේ සතුටින් තොපි                   එනතුරුම

කැලේ කපලා ගම හැදුවා                 එකතුවෙලා
අපේ ගෙවල් නැතිකරා උන්                  අපට එදා
කෑම නැතිව ගම් වැදුනම අපි               සැවොමා
පැන්නුවේ අපිව මනුසත්කම් අහක             දමා

දළ දෙක වැවිලා තිබුණොත් අපෙ දිගට       දිග
කපනවා ඒක ඇවිදින් නෑ                    කරුණාව
කියනු මැනව අපගෙන් උන                 වරද කිම
කෲර උනේ ඇයි මිනිසුන් මේ                  ලෙසට

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අෂාන් දුලංජන

තාක්ෂණ පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment