Colombo Beacon නිසදැස්

ගජමන් ඔබ නම්,

හද සලිත කල්පනා
රස බසින් තවරලා 
කවි නෙතින් ගල ගලා 
කවි කඳුළු බේරුණා… 

අකුරු මුතු ඇට උඳුල වී 
බබළනා සඳ කවි පොතේ 
කවිය හදවත තුළට වී 
අමරණීයයි කවි ලොවේ…
 
කවිකාරියයි ලොව දිනූ 
ඇලපාත මුදලිඳු  හද දිනූ 
ජීවිතය කවියක් ලෙස ගෙතූ 
ගජමන් නුඹයි හදවත දිනූ… 

කවීෂා හංසි
පළමු වසර  
ශාස්ත්‍ර පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කවීෂා හංසි

Leave a Comment