හොරාටම නොයිඳුල් කුසක පිළිසිඳුණු
නොමේරූ ළපටි කළලය නුඹ
යන්තමට හුස්ම ගෙන පණ ගැහුණ…
අරගෙන ළය පුරා ලොකුම ලොකු හුස්මක්
පිස ගෙන නෙතු කොණක ඉණූ කඳුළක්…
අතෝරක් නැති වේදනා ඉවස ගෙන මම
කුස අස්සේ මෝරලා බිහි වෙන්න පෙරාතුව
කාටවත් නොකියා ම රහසින් හොරාටම…
අමුවෙන් ම අඬුවලින් ඇද දමා
කුඩු කර ගබ්සා කරන ලද
කුසත් සෝදා දමා පසකට විසි
කළ උපත නොලද කළලය…
මා නුඹට කළ ප්‍රේමය…
Leave a Comment