සඳ නිදන රෑ ලියමි රහසින්
වැටෙන සඳ කෙමි මල් ලියන් ගෙන්
මතක වල ගිලෙනා අහස් දිය
කියාවී ප්‍රේමයට විසඳුම්
තනි මලක් තනි වී නොමැති නම්
සඳ දියත් උතුරා ගිහින් දැන්
ප්‍රේමයේ වැට මතින් එපිටට
ගලන ප්‍රේමයද තහනම්
එන්න නොහැකියි පියවි මනසට
ප්‍රේමයේ තනු මැකුව වරදට
ප්‍රේමයට සජ්ජායනා කළ
ආලයේ ගාථා ද මගහැර
Leave a Comment