Interview

ගාලු කොටුවේ සැඟවුණු දස්කම්…

Colombo Beacon සහෝදර සහෝදරියන් එක්ව ගාලු පුරවරට ගිය ගමනේදී විශේෂ පුද්ගලයෙක් සමඟ කෙටි පිළිසඳරක යෙදෙන්න අපිට හැකි වුණා. ඔහු නමින් අසංක. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නම් අතරේ ඔහුගේ නම නැතත් ඔහුත් ඔහුගේ මිතුරන් දෙපලත් නොදන්නා අය ලංකාවේ නැති තරම්. ගාලු කො‍ටුවේ සිට මුහුදට ත්‍රාසජනක පිමි පනින cliff jumpers ලාගෙන් කෙනෙක් ඔහු. මේ සටහන ඔහු සමඟ නිරත වූ කෙටි පිළිසඳර පිළිබඳව.

01.අයියාගේ නම,පවුලේ විස්තර ගැන කෙටියෙන්?

මම අසංග.පදිංචිය ගාල්ලේ.මම විවාහ වෙලා පුංචි බබෙකුත් ඉන්නවා අපිට.‍රැකියාව විදිහට තමා දැනට මෙහි නිරත වෙන්නෙ.

02. කොච්චර කාලෙක ඉඳන් මේ විදිහට cliff jumping වල නිරත වෙනවද?

දැනට අවුරුදු 13 ක ඉඳන් මේ විදිහට jump කරනවා

03.මුලින්ම මේ විදිහේ දෙයක් කලේ කවද ද?

පුංචි කාලේ අවුරුදු 15 දි විතර නාන්න ඇවිල්ලා තමා පලවැනියෙන්ම මෙහෙම පැන්නෙ.

04.මෙතන මුහුදේ ගැඹුර කොච්චරක් විතරද අයියේ?

ගැඹුර නම් ඇත්තටම අඩි 3ත් 5ත් අතර තමා තියෙන්නෙ.

05.අයියලා මේ jump එක  කරද්දි පනින විශේෂ තැනක් ඉලක්කයක් තියෙනවද?

ඔව් තැන් 4ක් තියෙනවා ඒ වගේ.

06.අමතක නොවන සිදුවීම් තියෙනවද මේ අවුරුදු 13 ක කාලය තුල සිද්ධ වුණු?

ඇත්තටම අපිට නම් මුකුත් එහෙම වෙලා නැහැ.නමුත් අපෙ ඇස් ඉදිරිපිට මිනිස්සු මුහුදට වැටෙන හැටි ගහගෙන යන හැටි දැකල තියෙනවා.එහෙම දෙන්නෙක් මූදට ගහගෙන යද්දි අපි උත්සහ කලා බේරගන්න.නමුත් අපිට බැරි වුණා.කියන්න දුකයි අපිට ජීවිතාරක්ෂක ලා විදිහට වැඩ කරන්නවත් අවසර දෙන්නැහැ.මෙතන ජීවිත ආරක්ෂක අය ඇත්තෙත් නැහැ.කවුරුහරි ගිලෙන්න ගියොත් හැමොම බලන් ඉන්නව කවුරුවත් කිට්‍ටු වෙන්නෙවත් නැහැ.අපිට අඩුම තරමේ ජීවිතාරක්ෂක කටයුතු වල යෙදෙන්නවත් හැඳුනුම් පතක් ලබා දෙනවා නම් ලොකු දෙයක්.

07.ශ්‍රී ලාංකිකයන්ගෙන්ද විදෙස් සංචාරකයන්ගෙන් ද වැඩිපුර ප්‍රතිචාර තියෙන්නෙ?

එහෙම බේදයක් නැහැ.දෙගොල්ලන්ගෙන්ම හොඳ ප්‍රතිචාර තියෙනවා.ඒත් ගොඩක්ම විදෙස් සංචාරකයන්ට තමා පෙන්නන්නෙ.

08.කොහොමද අය කිරීම්?

ඩොලර් 30ක් තමා විදේශිකයන්ගෙන්

09.අයියලා හැමදාම මෙතන ඉන්නවද?

අපි මෙතනට එන්නෙ ගොඩාක් නිවාඩු දවස් වලට තමා.

10.කාලයක් තිස්සෙ මේ දේ කරගෙන යද්දි නවත්තන්න කියලා බලපෑම් එල්ල වුනේ නැද්ද?

අවුරුදු දෙක තුනකට උඩදි නම් එහෙම ප්‍රශ්න ආවා.දැන් නම් ඒ ප්‍රශ්න මගහැරිලා.

11.රජයෙන් මේ සඳහා සහයෝගයක් නැද්ද?

එහෙම කිසිම උදව්වක් නැහැ.ලොකු තනතුරු වල අය ආවම jump එක බලලා යනවා.එතනින් එහාට කිසිම ඒ ගැන සෙවීමක් නැහැ ඉතිං.

12.මේ වගේ දුලබ හැකියාවන් සංචාරක ව්‍යාපාරයේ දියුණුවට හේතු වෙන දේවල්.අයියලට කලකිරීමක් දැනෙන්නැද්ද මේ විදිහට දක්ෂතා වලින් ප්‍රයෝජනයක් ගන්න රජය උත්සහ නොකිරීම පිළිබඳව?

ඇත්තටම ඔව්.මොකද ඉතින් මේ දෙයින් කීයක් හරි උපයගන්නව නම් ඒ සල්ලි එන්නෙ ලංකාවට.අපේ තව jump එකක් තියෙනව අඩි 60 ක 65ක එකක්.ඒ ගැන පුවත් පත් වල පලවුනා,රූපවාහිනියේ විකාශය වුනා නමුත් කිසිම විදිහකින් අපට උදව් කරන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ.වෙන රටක වගේ නම් ඇත්තටම අපිට මීට වඩා තැනක් තියේවි.

13.හැමදාම අයියලට මේක දිගටම කරගෙන යන්න බැහැ.එතනින් පස්සෙ මොකක්ද කරන්න බලාපොරොත්තුව?

ඇත්තටම එතනින් පස්සෙ කවුද අපිට උදව් කරන්නේ කියන ප්‍රශ්නය අපිටත් තියෙනවා.ගොඩක් මිනිස්සු ඇවිත් බලලා සතු‍ටු වෙනවා.ලොකු බලධාරීන් ඇවිත් බලලා යනවා.ළඟදී ඉන්දියාවේ හමුදා නිලධාරියෙක් ඇවිත් එහෙම බලලා ගියා.ඒ වගේම එයා අපි ගැන ඉන්දියාවෙදි පවා සඳහන් කරලා තිබුනා පසුව.නමුත් ලංකාවෙ මිනිස්සු අපිව ගණන් ගන්නැහැ.අපි මේ කොණ්ඩෙ වවන් පච්චයක් ගහගෙන ඉද්දි ලංකාවෙ අය අපිව දකින්නෙ රස්තියාදු කාරයො විදිහට.කුඩු කාරයෙක් ගංජා කාරයෙක් විදිහට.එහෙමනෙ ඉතින් මේ රටේ හැටි.නමුත් විදේශිකයො නම් හරිම ආසයි අපි මේ විදිහට ඉන්නකොට.අපිට බැරි කමක් නැහැ කොණ්ඩෙ කපලා ටයි එකක් දාලා හොඳ ඇඳුමක් ඇඳගෙන සපත්තු දෙකක් එහෙම දාගෙන ඉන්න.නමුත් ඒ විදිහට අපිට මේ jump එක කරන්න බැහැනේ.අපි මංකොල්ලකාරයෝ කුඩු කාරයො විදිහට දකින්න එපා ඒ නිසා.

14.අවසාන වශයෙන් කියන්න යමක් තියෙනවද?

කවුරුහරි මැදිහත් වෙලා අපිට උදව් කලොත් කවදා හරි ලංකාවෙ නම ගිනස් පොතට ගෙනියන්න වුනත් අපිට හැකියාවක් තියෙනවා.මම කලින් කිව්ව අපිට අඩි 65 ක උසක ඉඳන් jump කරන්න පුලුවන් කියලා.ඉතිං මේ දේවල් තව දියුණු කරගන්න පුලුවන් නම් ලංකාවෙ නම ලෝකෙට ගෙනියන්න අපට පුළුවන්.

අපත් සමඟ කතා බහ කිරීම පිළිබඳව ඔවුන්ට ස්තූති කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තා.

      නමුත් ඔවුන් පිළිබඳ කතා කරන්නට ඔවුන් නොකී තව බොහො දේ ඇත. ඔවුන් තම දරු පවුල රකින්නේ තම ජීවිතය උකසට තබා ගෙනයි. පුංචි අත්වැරදීමකින් කොයි තරම් දේ වෙනස් විය හැකිද? කිසිම ජීව්තාරක්ෂක උපායක් නැති සිතක් පපුවක් නොමැති ගල් කුළු හමුවේ ඔවුන් කරනා කැපවීම මීට වඩා ඇගයිය යුතුය. අපැහැදිලි අනාගතයක් ඇති ඔවුන්ගේ ජීවිත සටන මේ රළු සාගරයත් ගල් කුළුත් අතර කරනා සටනට වඩා බොහෝ දුෂ්කරය ඔවුන් ගෙ දස්කම් රටට සම්පතකි. අපෙ ලංකාවෙ කොල්ලො මෙවන් දක්ෂයෝයැයි පෙන්වන්නට මේ ලක් මවට ඔවුන් ඇවැසිය.

 බූසියට වවාගත් කොණ්ඩයත් සිරුරේ කොටා ගත් පච්චයකුත් තිබූ පමණින් කෙනෙකු මංකොල්ලකාරයෙක් හෝ කුඩු කාරයෙක් ලෙස හංවඩු ගසන්නට අපට  අයිතියක් නොමැත. එතරම් තද හිතක් ඇත්නම් ඔවුන් මුහුදේ ගිලෙන්නට යන ජීවිත බේරා ගන්නට උත්සහ කරන්නේ ද නැත. ඔවුන් පිළිබඳ මීට වඩා අවධානයක් යොමු කරන්නට රජයට හැකි නම් එය මේ රටේ සංචාරක ව්‍යාපාරයේ උන්නතියට වක්‍රාකාරයෙන් හෝ දායක වනු ඇත.. ඔවුන්ගේ හැකියාවන්ට අතහිත දෙන්නට ඔබ කිසියම් කෙනෙකුට හැකියාවක් ඇත්නම් මූණු පොතේ Asanka Mara, Lakshitha galle යන ගිණුම් ඔස්සෙ ඔවුන් සම්බන්ධ කර ගැනීමට ඔබට හැකියි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කසුන් පියුමාල්

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

About the author

අක්ෂිලා අනුරංගි

විද්‍යා පීඨය - උපාධිධාරීනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment